පෙබරවාරියට පෙර මහ ඡන්දයක් බැහැ – මැ.කො. සභාපති

143

රටේ නව ජනවරමක් පතා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ නීතිමය හැකියාවක් ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මස අවසානයෙන් පසුව යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඊයේ (21 දා) පැවැසීය.

ඊට පෙර ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තත් ජනාධිපතිවරයා එකඟ නොවෙන්නේ නම් ආණ්ඩුව විසුරුවා හැරිය නොහැකි බවද පුංචිහේවා මහතා කීවේය.

තම තමන්ගේ දේශපාලන හැකියාව ශක්තිමත් කර ගැනීමට පක්‍ෂවල ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවත්, පවතින පාර්ලිමේන්තු නියෝජනය විශේෂ සිදුවීම් සිදුනොවුණහොත් 2025 දක්වා යන බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ ඕනෑම ඡන්දයකට යෑමට පෙර රටේ ජනතාව මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ මානසිකත්වයක සිටී ද යන්න සහ ඉන්ධන, මුද්‍රණ ඇතුළු අධික වියදම් දැරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ද පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment