අවුරුදු කෑම මේසයත් දෙදරයි – කෙසෙල් ගිනිගණන්

741

ඇඹුල් කිලෝව රු.325
කෝලිකුට්ටු 750
රතඹලා 900

කෙසෙල් මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති. කිලෝවක සිල්ලර මිල රු. දෙසීය අසූව ඉක්මවා විවෘත වෙළෙඳපළේ අලෙවි කෙරෙන බවට ඔවුහු පැවැසූහ.

රු. 180ක් දක්වා අලෙවි වූ සීනි කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් කිලෝවක් දැන් රු. 280ත් 325ත් අතර මිල ගණන්වලට අලෙවි කරන බවත්, නගරයෙන් බැහැර උප නගරවල එවැනි කිලෝවක සිල්ලර මිල රු. 310 ඉක්මවන බවත් ඔවූහු පැවැසූහ.

කෝලිකුට්ටු කිලෝවක් රු. 750 ඉක්මවා අලෙවි වූ බවත්, රතඹලා ඇතුළු කෙසෙල් වර්ග කීපයක කිලෝවක සිල්ලර මිල රු. 900 ඉක්මවන බවට පෙන්වා දුන්හ. කෙවෙන්ඩිස් සහ සී.අයි.සී. කෙසෙල් වර්ග කිලෝවක් රු. 300 සිට රු. 350 දක්වා මිල ගණන්වලට අලෙවි කෙරිණි.

කෙසෙල් මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමෙන් කෑම මේසයට නැතිවම බැරි කෙසෙල් මෙවර අවුරුදු කෑම මේසයට සීමා වනු ඇති බව පාරිභෝගිකයෝ පැවැසූහ.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment