නිත්‍යාගෙන් ළඟදීම ගීතයක්…. බැණුම්වල ඉවරයක් නෑ…

160

ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන “පාර දිගේ” ටෙලි නාට්‍යයේ රෙහාන්ගෙ නංගි “රුවිනි” ලෙසින් ඔබ හමුවට එන නිත්‍යා දේවින්දි රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද පරිපූර්ණ රුවැත්තියකි. නිත්‍යාගේ මෙතෙක් නොදුටු අලුත් මුහුණුවරක් ඉදිරියේදී අපට දැකබලා ගන්නට පුළුවන් යැයි අපට දැනගන්නට පුළුවන් වුණා. මේ නව මුහුණුවර ගැන අසා දැනගන්නට මෙවර මීවිතට නිත්‍යා අපි සම්බන්ධ කරගත්තා..

පාර දිගේ ටෙලි නාට්‍යයේ රුවිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නාට්‍යයේ මුලදි නම් එතරම් ලොකුවට කතා කරපු චරිතයක් නෙවෙයි රුවිනි කියන්නේ. හැබැයි පස්සෙ පස්සෙ ගොඩක් ඒ චරිතය එළියට එන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක තමයි රුවිනි ගොඩක් මිනිස්සු අතරට ගියේ. ඉතිං රෙහාන්ගෙ නංගීගේ චරිතයට මේ වෙනකොට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සරණි කරන වැඩ වලට රුවිනිට ප්‍රේක්ෂකයො බණින්නෙ නැද්ද?

බණිනවා අනේ සෑහෙන බණිනවා. මෙහෙමනේ අපේ රටේ මිනිසුන් අතර තියෙන ප්‍රධාන ගැටලුවක්නෙ නැන්දම්මා – ලේලි ප්‍රශ්නය සහ නෑනා – නෑනා ප්‍රශ්නය කියන්නේ. ඕව ඉතින් මිනිසුන්ගේ ජීවිතවල තියෙන ඇත්ත කතන්දර. ඒ අය ඒවා ඇත්තටම අරගෙන අපිට සෑහෙන බණිනවා. ඇත්තටම මේක චරිතයක් කියලත් බොහෝ අයට අමතකයි. මොකද මේ කතාව ඇතුළෙ තමන්ගේ ජීවිත කතාවත් සැඟවිලා තියෙනවා ඇති. ඒ නිසා එය සාමාන්‍ය ගැටලුවක් වෙන්න ඇති. මම හිතනවා ඉතින් ප්‍රේක්ෂකයො මට බණින්නේ මම රුවිනිගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරපු නිසා වෙන්න ඇති කියලා.

මහත්තයා මොකද රුවිනි ගැන කියන්නේ ?

ගෙදරින් ලැබෙන ප්‍රතිචාරත් හරි ඉහළයි. එයත් කියනවා කට්ටිය මෙච්චර බණින්නේ ඔයා මේ චරිතය හොඳට කරන හින්දනේ කියලා.

නිත්‍යාට” රුවිනිට තියෙන ප්‍රශ්න තියෙනවාද?

අපොයි නැහැ. මම ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවන චරිතයක්. මම මගේ පාඩුවේ මගේ වැඩ කරගෙන යනවා. රුවිනිට තියෙන ප්‍රශ්න මගේ පෞද්ගලික ජීවිතයට ඇවිත් නෑ.

“පාරදිගේ”” නිත්‍යාගේ ජීවිතේට ලොකු වෙනසක් ඇතිකළා කියල හිතනවද?

නිත්‍යාගෙන් ළඟදීම ගීතයක්.... බැණුම්වල ඉවරයක් නෑ…

ඔව්”අනිවාර්යයෙන්ම.මොකද මම තාම ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු තුනක් වගේ පොඩි කාලයක් වෙන්නේ. මෑතකාලීනව පාර දිගේ ටෙලි නාට්‍යය හරහා ගොඩක් මම මිනිස්සු අතරට ගියා. ඉතින් ඒ වෙනුවෙන් මම අපේ අධ්‍යක්ෂවරයා” නිෂ්පාදකවරයා සහ පිටපත් රචක යන සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ නාට්‍යයේ මේ චරිතය වෙනුවෙන් මා තෝරා ගැනීම සම්බන්ධයෙන්.

නිත්‍යා කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

මේ ක්ෂේත්‍රය හොඳයි. ක්ෂේත්‍රයට එන්න නවකයන්ට ගොඩක් ක්‍රම විවෘත වෙලා තියෙනවා. ඒක හොඳයි. නමුත් අපි මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනෑ හැම වෙලාවෙම දක්ෂ කෙනෙක්. මොකද ලස්සන කියන්නෙ දෙවියන් වහන්සේ දීපු වරප්‍රසාදයක් විතරයි. ඒකෙන් ඒ කෙනා රඟපාන්න සුදුසු ද කියන්න බැහැ. මොකද රංගනය තුළ දී හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මම හිතන්නෙ ලස්සන විතරක් තිබිල මදි. අපේ ඇඟ ඇතුළෙන්ම කලාවට දක්ෂතාවයත් තියෙන්නම ඕනේ” මේ කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්න නම්.

පාරදිගේ නාට්‍යයට මේ දිනවල ලැබෙන ජනප්‍රියතාවය ගැන කතා කළොත්?

ජනයා ප්‍රිය කරනවා කියන්නෙම” ඒක අපිට ලැබෙන සම්මානයක්. ඒක ගැන මම ගොඩක් සන්තෝෂයට පත්වෙනවා. මොකද මිනිස්සු අපේ ළඟට ඇවිල්ල කතා කරනකොටම දැනෙන ඒ සතුට” ආදරය වෙන කිසිම වෘත්තියකින් ලබන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ.

නිත්‍යා රංගනයට පමණක් නෙවෙයි”ගායනයටත් දක්ෂයි කියන්නේ ඇත්තක්ද?

ඔව්.මම පාසල් කාලයේ ගායිකාවක්. මේ ළඟදි ඩුබායිවල පැවැති සංගීත ප්‍රසංගයකටත් සහභාගි වුණා. මම ගායිකාවක් වෙන්න කැමැත්තෙන් හිටියත් අවසානයේ දී රංගන ශිල්පිනියක් තමයි වුණේ. නමුත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරියේදි මගේම ගීතයක් එළිදක්වන්න.

සංගීත කටයුතු ගැන කතා කළොත්?

මේ දිනවල මම මගේම කියල ගීතයක් එළිදක්වන්න වැඩ සූදානම් කරන ගමන් ඉන්නේ. සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සහභාගි

නිත්‍යාගෙන් ළඟදීම ගීතයක්.... බැණුම්වල ඉවරයක් නෑ…

වෙනවා.

මේ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක ගීතය එළිදැක්වුවා නම් හොඳයි නේද?

ඔව්” මේ දිනවල ගීතය එළිදක්වන්න තමයි මම පුළුවන් තරම් උත්සහ කරන්නේ. අපි බලමු.

නිත්‍යා වැඩිපුරම කැමැති ගායනයට ද රංගනයට ද?

මෙහෙමයි” ඔය දෙකටම මම ගොඩක් කැමතියි.මොකද ඔය දෙකම හරිම ආසාවෙන් කරපු දෙකක්. රංගනයත්” ගායනයත් දෙකම අයිති වෙන්නෙ කලාවට නේ. ඒ නිසා ඉතින් පොදුවේ මම කලාවට හරිම කැමතියි.

අවසාන වශයෙන් ඔබේ ආදරණීය රසිකයන්ට මොකද කියන්න තියෙන්නේ?

මට ආදරය කරන රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ” බොහොම ස්තූතියි ඔයාලගෙ ආදරයට. ඒ ආදරේ නිසා තමයි මම අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ. මම නිත්‍යා දේවින්දි කියලා හෝ රෙහාන්ගෙ නංගි” රුවිනි යන නම් වලින් කාව හරි අඳුරනවා නම්” මිනිස්සු මේ තරම් ආදරේ කරනවා නම් කරන්නෙ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා. මම බොහොම ස්තූතිවන්ත වෙනවා මට ලබා දෙන මේ ආදරයට. අපිව තරු බවට පත් කරන්නෙ අපේ රසිකයන්ගේ ආදරය.ඉතිං ඒ ආදරයට මම ගෞරව කරනවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment