දරුවකු දුම්රියේ ගැටී මරුට

2255


හබරණ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබූ සාමාන්‍ය බඩු දුම්‍ රියකට තඹලගමුව 98 සෆායා මුස්ලිම් විද්‍යාලය අසල දී ඊයේ (11දා) පස්වරුවේ පාසල් සිසුවෙකු දුම් රියේ ගැටී සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇතැයි තඹලගමුව පොලිසිය කියයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹලගමුව යුනිට් 7 ප්‍රදේශයේ වයස අවුරුදු 14 හැවිරිදි දරු තිදෙනෙකු ඉන්නා පවුලේ දෙවෙනි පිරිමි දරුවාය.
මෙම දරුවාගේ පියා පවසන්නේ ඔහුට සියදිවි හානි කර ගැනීමට හේතුවක් නොමැති බවය. එහෙත් ඔහු එසේ පැවසුවත් දරුවාගේ ලොකුඅම්මා හදිසි මරණ පරීක්ෂණයේදී කියා ඇත්තේ මෙම පවුල දැඩි ආර්ථික ප්‍රශ්ණ වලින් පීඩා විඳිමින් සිටි බවත් නිතර දරුවා කෑම ඉල්ලාගෙන එහි පැමිණෙන බවත් ය.මවත් පියාත් කුලී වැඩ කරමින් ලැබෙණ සොච්චමෙන් ජීවත්වන බවද පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment