පිටුපසින් පැමිණ කොස්තාපල්ගේ බෙල්ල මිරිකලා

221


ගෝල්ෆේස් වටරවුම අසලදී පොලිස් කොස්තාපල් වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලූපිටි පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් එම්.ඩි.ආර්. කීර්ත නම් නිලධාරියා ගෝල්පේස් වටරවුම අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණ ගෙල වටා අත දමා හුස්ම ගැනීමට අපහසු වන පරිදි ගෙල සිරකර ඇතැයි පොලිසිය කියයි.

ඒ දුටු අවට ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්‍රහණයෙන් නිලධාරියා මුදාගෙන අනතුරුව සැකකරු පොලිසිය වෙත භාරදී ඇත.

සැකකරු දේවාලපොල ලබලබෝව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර සාපරාදී බලහත්කාර පෑම යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment