කොළඹට පැය 24ක් ජලය කපයි

260


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පස්වරු 2.00 සිට ඉරිදා පස්වරු 2.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන්නේ කොළඹ 01සිට 04 සහ කොළඹ 07 සිට 11 යන ප්‍රදේශවලට සහ කඩුවෙල නගරය සහ අවට,කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය හා කොටිකාවත්ත යන ප්‍රදේශ වලටය.

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment