මත්පෙති තොගයක් ළඟ තබාගත් මුලතිව් තරුණයෝ දෙදෙනා පෑලියගොඩදී මාට්ටු

47

මත්පෙති 410 ක් ළඟ තබාගෙන සිටි මුලතිව් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෑලියගොඩ වටරවුමේදී ඉකුත් 31 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයන් දෙදෙනා සැක සහිත ලෙස හැසිරීම නිසා ඔවුන්ව පරීක්ෂා කිරීමේදී එම මත්පෙති තොගය ඔවුන්ගේ ගමන් මල්ලේ තිබී හමු වී ඇත.

තරුණයන් දෙදෙනා පවසා ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා මෙම මත්පෙති තොගය කොළඹ ජාවාරම්කරුවකුගෙන් මිලට ගෙන ඒවා රැගෙන යන බවයි. සැකකරුවන් දෙදෙනා හා මත්පෙති තොගය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෑලියගොඩ පොලිසිය වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment