බිරිඳගේ නීත්‍යානුකූල සැමියා අනියම් සැමියාගේ දතක් ගලවයි

709

පුද්ගලයෙකුට පහරදී දතක් කඩා දමා තුවාල සිදු කර ඔහුගේ ලොරි රථයට අනර්ථයක් සිදු කර පලා ගොස් සිටි තුවාලකරුගේ බිරිඳගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විජිතපුර, පලුගස්වැව, මුස්ලිම් කොළනියේ පදිංචි පුද්ගලයෙකි.

තම බිරිඳ අනියම් ඇසුරක් පවත්වා ගෙන යාම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවෙසින් පිටව ගොස් සිට මීට දින කිහිපයකට පෙර, යළි නිවෙසට ගිය අවස්ථාවේ දී බිරිය නිවෙසේ දොර විවෘත නොකිරීම හේතුවෙන්, බැණ වැදී ජනේලයකට පහරදී නැවත පැමිණෙමින් සිටියදී පැමිණිලිකරු මෙම පහර කෑමට ලක්ව ඇතැයි සඳහන් කළේය. ඉපලෝගම පොලිස් වසමේ ඇලපෙරුමාගම හන්දියේදී තමන් ගමන් කළ ලොරි රථයේ මග හරස් කර නතර කළ සැකකරු ලොරි රථයයේ පැති කණ්ණාඩිය කඩා දමා තමාට පහර දී තුවාල සිදු කර උඩු ඇන්දේ දතක් කඩා දැමූ බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි. ඉන් අනතුරුව පැමිණිලිකරු කලාවැව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇති. පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කර අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඉපලෝගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment