කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවේ

328

කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප් කමිටුවේ රැස්වීම් වාරයක් අද පස්වරු එකට කැඳවා ඇති බවත් එම වේලාවට සිකුරාදා මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන හෙයින් එහි සාමාජිකයන් වන එස්.එම්. මරික්කාර් සහ රාවුෆ් හකීම් මහත්වරුන්ට සහභාගී වීමට නොහැකි වන බවත් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවේ කෝප් කාරක සභා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු නතර කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment