ජනපති ආසියාවටම ආරක්‍ෂාවක්- වජිර කියයි

119

ආසියාව බෙදීමට ඉඩ නොදෙන බවට ලොව ඉදිරියේ ඉකුත්දා අභීතව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ ශ්‍රී ලංකා ජනාධිපති ලෙස ක්‍රියා කිරීම මුළු ආසියාවටම සුවිශේෂ ආරක්‍ෂාවක් බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ජපානයේ නික්කි සමුළුවේදීත් එම ස්ථාවරය ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කළ බවද ජනාධිපතිවරයා තුළ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් ඇති බව ඔහු පෙන්වා ඇති බව ද හෙතෙම කීය.

විදේශිකයන් සමග ඇතිකර ගන්නා ගිවිසුම් අහෝසි කරන්න බැරි ලෙස නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගත හැකි බවද ඔහු කීය.

එපමණක් නොව ශ්‍රී ලංකාව කෙරෙහි ජපානයේ විශ්වාසය තහවුරු කර ගැනීමට අමතරව ජපන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන් මුණ ගැසීම තුළින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානයේ පැවැති අවිශ්වාසය, සැකය දුරු කිරීමටත්, අපහැදිලි තත්ත්වයන් නැති කිරීමටත් ජනාධිපතිතුමාගේ සංචාරය ඉවහල් වුණා.

විශේෂයෙන් අප විසින් හිතුවක්කාර ලෙස අවලංගු කරන ලද ඛඍඔ :ඛසටයඑ ර්සක එර්බිසඑ* හෙවත් සැහැල්ලු දුම්රිය ගමනාගමනය ව්‍යාපෘතිය වැනි දේ නැවත එළිදැක්වීමට හැකි මට්ටමකින් එතුමා ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කළා.

දැන් මේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සිටින විරුද්ධ පක්‍ෂ කණ්ඩායම් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. එකවරකට රාජපක්‍ෂලා හොරු හැටියට හංවඩු ගහනවා. ඉන් අනතුරුව රාජපක්‍ෂලා විසින් පත්කරපු අය ආරක්‍ෂා කරන්න නැවත ඡන්දය දීලා දෙබඩි පිළිවෙතක් අනුගමනය කරනවා.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට අනාගතයක් සකස් කර ගන්න නම් මේ සියලු දෙනා මේ දෙබිඩි පිළිවෙත්වළින් ඉවත්වෙලා අවංකවම මේ රටේ ජාතික ප්‍රශ්න දෙස බලන්න තිබෙනවා යයිද ඔහු එහිදී කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment