අද විරෝධතාවලට උසාවි තහනමක්  නැහැ – පොලිසියේ ඉල්ලීම උසාවිය ඉවත දමයි

228

සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් රජය දියත් කර ඇති මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා අද (9 වැනිදා) ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක් කොළඹ නගරය මුල්කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට හා පාගමනට එක්වන පිරිසට සිය පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (08දා) ප්‍රතික්‍ෂේප කළේය.

මේ අතර ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයක් ඊයේ (8දා) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එක්වන පිරිසට කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී ප්‍රතික්‍ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment