පොහොර නැව එන්නේ  දින 2 ක් ප්‍රමාද වෙලා – කෘෂිකර්ම ලේකම්

101

මෙරටට ගෙන ඒමට නියමිතව තිබූ යුරියා පොහොර තොගය දින දෙකක් ප්‍රමාද වී ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙටි්‍රක් ටොන් 65,000 ක පොහොර ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 40,000 ක් පළමු තොගය ලෙස ලැබීමට නියමිත බවත් එම තොගය ජූලි 06 වැනිදා ලැබීමට නියමිතව තිබූ බවත් කෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. එහෙත් පොහොර තොගය පැටවීමේ ප්‍රමාදයක් සිදුවන නිසා ජුලි 08 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව ද ඒ මහතා කීය. පොහොර තොගය නැවට පටවන අවස්ථාවේ එහි සාම්පල් රැගෙන පරීක්‍ෂා කර වාර්තාවක් මෙරටට එවීමට නියමිත බව ද ඒ මහතා කීය.

පළමු තොගය ලෙස මෙටි්‍රක් ටොන් 40,000 ලැබීමෙන් පසු ඉතුරු පොහොර මෙටි්‍රක් ටොන් 25,000 ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් මෙරටට පොහොර ලැබුණු පසු ගොවීන්ට ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩ සටහනක් සකස් කර ඇති බවත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment