දක්ෂිණ අධිවේගයේ යතුරුපැදියෙන් ගිය අයට 52500ක් දඩ

2096

පොලිස් අණ නොතකා දක්ෂිණ අධිවේගී මාර්ගයට යතුරුපැදියක් අතුළු කර ධාවනය කළ අයකුට මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. අයි. හෙට්ටියවත්ත මහත්මිය විසින් රුපියල් පනස්දෙදහස් පන්සියයක (52500/=) දඩයක් හා රියැදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමට නියෝග කෙරිණි.

මෙසේ දඩ නියම වූයේ මතුගම නාරවිල පදිංචි කලංවිදුරගේ ගුණරත්න නමැති අයකුටය.

2023/07/18 වන දින රාත්‍රි 9.50ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හුවමාරුවේ මාතර දෙසට ඇතුළුවන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා දක්ෂිණ

අධිවේගයට යතුරුපැදියක් ඇතුළු කර ධාවනය කරද්දී පොලිස් නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් යතුරුපැදිය සමග පැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව කළ පරීක්ෂණවලදී අනාවරණයව ඇත්තේ පැදිකරු බීමතින් සිටි බවය.

අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා හා සහකාර පොලිස් අධිකාරි (බ.ප.) වසන්ත කෝරළගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත දොඩන්ගොඩ දක්ෂිණ හුවමාරු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි දසනායක මහතාගේ මෙහෙයවීමෙන් උ.පො. පරීක්ෂක ලයනල් අමරසිංහ හා චතුරංග (පො.කො.82027) යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනිණි.
මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment