උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගුණ සමරුම්

153

කැලණි රජමහා විහාරය

මීට වසර 41කට පෙර අතුරුදන් වූ උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ කැලණි රජමහා විහාරයේ බස්නායක නිලමේව සිටි උපාලි විජයවර්ධන මහතා ඇතුළු පිරිසට සෙත්පතා ඊයේ (13දා) කැලණිය රජමහා විහාරයේදී දානමය පිංකමක්, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂක නිමල් වෙල්ගම, අධ්‍යක්‍ෂක ධම්මික ආටිගල යන මහත්වරුන් විසින් මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ට අටපිරිකර පූජා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

මට්ටක්කුලිය

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගුණ සමරුම්

උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 41 වන ගුණ සමරුව නිමිති කරගෙන දිව්‍ය පූජාව මට්ටක්කුලිය කාමලයිට් කන්‍යාරාම දේවස්ථානයේදී ඊයේ (13 දා) පවත්වන ලදී. ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු නිල මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ෆනෑන්ඩු පියතුමා එහිදී එම දිව්‍ය පූජාව පැවැත්වූ අයුරු.

මූල්‍ය අධ්‍යක්‍ෂක ලක්‍ෂ්මන් පෙරේරා, සමූහ මානව සම්පත් කළමනාකාර නෙරංජන් ෆොන්සේකා, සාමාන්‍යාධිකාරි ෆ්‍රීමන් තිලකරත්න, හිටපු වාණිජ කළමනාකාර ශ්‍රීලාල් වික්‍රමසිංහ, හිටපු ප්‍රවාහන කළමනාකාර ගනේෂ් කුමාර යන මහත්වරු ඇතුළු එක්වූ පිරිසෙන් කොටසක් ද පිංතූරයේ වෙති.

පිංතූරය – නිමල් දයාරත්න

රාගම ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානය

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගුණ සමරුම්

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 41 වැනි ගුණ සමරුව නිමිත්තෙන් රාගම ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිංකම ඊයේ (13 දා) දිනයේදී එම විහාරස්ථානයේදී පැවැත්විණි. එම පිංකම ආරම්භ කරමින් විහාරාධිපති, කිවිපති දක්‍ෂිණ ලංකා ධර්ම ප්‍රචාරක මණ්ඩලයේ පැවිදි අනුශාසක අකුරැස්සේ චන්දසිරි හිමිපාණෝ, මත්තුමගල සුපිපි පෙර පාසලේ සිසු සිසුවියන්ට කිරි පැකට් ලබාදීම සිදු කළහ. විහාරාධිපති හිමියන් එම දහම් පාසලේ ප්‍රධානාචාරිනි කුමුදුනී චන්ද්‍රිකා මහත්මියට සහ හංසනී සසිකලා ගුරු මහත්මියට එම ප්‍රදානය භාරදුන් අයුරු.

සටහන හා ඡායාරූප – ඒ. ජේ. ඒ. අබේනායක

කැලණි පුද බිමේ උපාලි විජයවර්ධන සමරු ශිෂ්‍යත්ව ප්‍රදානය…

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගුණ සමරුම්

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 41 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඊයේ (13 දා) කැලණි රජමහා විහාරයේ පැවති පිංකමට සමගාමීව පැවති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේදී එම ප්‍රදාන ලැබූ දරුවෝ මෙහි වෙති.

කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, අධ්‍යක්‍ෂ කැලණි රජමහ විහාරයේ බස්නායක නිලමේ ධම්මික ආටිගල මහත්වරුන් ඇතුළු ඊට එක්වූවන් දිවංගත දොන් වෝල්ටර් විජයවර්ධන මැතිතුමාගේ භාර්යාව වූ දිවංගත අනුලා කළ්‍යාණවතී විජයවර්ධන මැතිනියගේ ඉල්ලීම මත ඇගේ පුත්‍ර පිලිප් උපාලි විජයවර්ධන මැතිතුමා ඉදිකර ඇති ඝණ්ඨාර කුලුන අභියසදී මෙසේ කැමරා ඇසට ලක්වුහ.

පින්තූරය -නිශාන් එස්. ප්‍රියන්ත

වැලිගම්පිටිය දොස්තර බී. එස්. ජයවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පිංකම

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගුණ සමරුම්

උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 41 වැනි ගුණ සමරුව නිමිති කරගෙන උපාලි කන්සියුමර් සමාගමේ සේවක පිරිසගේ අනුග්‍රහයෙන් ජාඇල වැලිගම්පිටිය දොස්තර බී. එස්. ජයවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථාන දරුවන් උදෙසා දිවා ආහාර පිරිනැමීම ඊයේ (13දා) සිදු කෙරිණි.

ඊට සමගාමීව සිකුරු සබන්, කැන්ඩොස් චොක්ලට් සහ බිත්ති ආලේපන තීන්ත ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා එම ළමා සංවර්ධන මධ්‍යස්ථාන පාලිකා කේ. ජී. චන්ද්‍රලතා මහත්මිය, උපාලි සමූහ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකාර නේරංජන් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

පින්තූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment