චතාරික සමයට සිහිවටනයක්

101

අද දින ශුද්ධවූ සභාවේ ප්‍රධානතම උත්සවයක් හා පිළිවෙතක් වන අළු බදාදායින් ආරම්භ වන චතාරික සමය ස්වාමීන් වහන්සේගේ කල්වාරි ගමන සිහි කැඳවා දෙන ප්‍රධානතම කාලයක ආරම්භයකි.

මේ කාලය තුළ කිතුණුවන් විසින් සිදුකළ යුතු හා පිළිපැදිය යුතු වත් පිළිවෙත් රැසක් සභාව විසින් හඳුන්වා දී ඇත. ඒවා අතර ප්‍රධානතම චාරිත්‍රයක් හා පිළිවෙතකි එක්වරු ශීලය නොහොත් වරුවක් පමණක් ආහාර ගැනීමේ වන්දනා පිළිවෙත.

මේ එක්වරු ශීල පිළිවෙත මේ කාලය තුළ ගොඩ මසින් වැළකෙන බොහෝ කිතුණුවන් සති 7ක් පුරාම රැකගෙන දිවිගෙවීම එදා සිටම මේ දක්වාම සිදුකෙරේ. එය ලොව ජනී ජනයා වෙනුවෙන් සිය දිවි පුදකළ දෙව් සමිඳාණන් හට කරන්නා වූ මහා වන්දනා පිළිවෙතකි.

උන්වහන්සේ කල්වාරි ගමන තෝරා ගත්තේ පාපීවූ අප වෙනුවෙනි. ලේ දහදිය වගුරවමින් කස පහර කමින්, බරවූ කුරුසියක් කර දරමින්, තෙවරක්ම වැටි වැටී දෙව් සමිඳුන් මරණය අභියසට ගමන් කළේ අප හට විමුක්තිය ලබාදීම වෙනුවෙනි.

එහෙත් වර්තමාන සමාජය තුළ දිවි ගෙවනා සියලුම ජනයාට උන්වහන්සේගේ ජීවිතය පරිත්‍යාග කිරීමේ මේ ක්‍රියාව අමතකව ගොස් ඇති සැටියක් පෙනේ. එය ජීවත් වීමේ මහා අරගලයක යෙදී සිටිනා නිසා යැයි අනුමාන කළ හැක.

එදා ස්වාමීන් වහන්සේ මෙම මරණයේ මාවත තෝරා ගත්තේ පවුකාර සමාජයක ජීවත් වූ, දැඩි දරිද්‍රතාවයෙන් පෙළී සිටි අසරණ වූ ජනයාගේ විමුක්තිය වෙනුවෙනි.

අහෝ සමිඳුනි! අප දේශයට ද දැන් ඔබ වහන්සේගේ ආගමනය අවැසිම කාලයක් උද්ගත වී ඇත. ජනයා

බඩගින්නෙන් පෙළේ. දරුවන් මන්ද පෝෂණය නමැති රකුසා විසින් ගිල ගනිමින් සිටී. එදා සිට එක්වරු ශීලය රැකගත් අය ගිල ගනිමින් සිටී. එදා සිට එක්වරු ශීලය රැකගත් අය අද වනවිට ආහාර අහේනිය හේතුවෙන් කෑම ගැනීම එක් වේලකට සීමා කොට ඇත.

රෝගාතුර වූවනට ඖෂධ නොමැත. සොරකම, දූෂණය, වංචාව, ඉහවහා ගොස් ඇත. එදා පාස්කුව අද ද උදාවී ඇත.

නමුදු නැවත වරක් ඔබවහන්සේ කුරුසියක් මත සතපවා ඇණ ගසන්නට අප කැමති නැත. ඔබ වහන්සේ අසරණව සිටිනා අප උදෙසාම ජීවමානවම වැඩසිටිය යුතුවේ.

අප විසින් මේ රට සූරා කන්නන්ට කරනා අනුකම්පාව, ඔවුන්ගේ හදවත් තුළින් ද අප වෙනුවෙන් දැක්වීමට ඔවුනගේ සිත් වෙනස් කර සාධාරණ සමාජයක් මේ රට තුළ බිහිකරලීමට අපට උදව්වන මෙන් කරුණාවෙන් ඔබ වහන්සේගේ ශ්‍රී දෙපා නමැද ආයාචනා කරමු. ආමේන්!

ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment