දැනුවත්ව හෝ නොදැනුවත්ව පුරාවිද්‍යා ස්ථාන මකර කටේ – ඇමැති විදුර මැතිසබයේදී කියයි

130

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඇතැම් ස්ථාන විනාශවෙමින් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 දා) කියා සිටියේය.

කෙසේ වෙතත් එම විනාශයන් සිද්ධවීම වළක්වා ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගැනීමට මේ වන විට නිසි කටයුතු කරගෙන යන බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් පුරා විද්‍යා ස්ථානයන්හි ඇති පන්සල් කඩා ඉවත් කළ යුතු යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් එලෙස පන්සල් කඩා ඉවත් කිරීමට නම් තමන් කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ යැයි හෙතෙම එහිදී කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment