මත්වී අනඟ රැඟුම් පෑ පස්දෙනෙක් රිමාන්ඩ්

1576

ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හික්කඩුව ප්‍රදේශයේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත්, විෂ මත්ද්‍රව්‍ය පානය කරමින් අනාචාරයේ හැසිරෙමින් සිටි වයස අවුරුදු 18-22ත් අතර රූමත් ලඳුන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ 26 නියෝග කළාය.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත්මාසිංහ මහතාට ලද තොරතුරකට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. එල්. නාරන්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාරන්ගොඩ, උ.පො.ප. නාරන්ගොඩ, පො.කො. (66183) මේනක, (37716) අසංක, (36779) චාමර, (100100) හේරත්, (93735) නිමේෂ්, කා.පො.කො. (11364) ප්‍රමෝද්‍යා, පො.කො.රි. (100909) රත්නායක යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්ච් – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment