ශ්‍රී ලංකාවේ ඊළමක් නෑ!… කැනඩාව නඩුව විසිකරයි!

1959

කැනඩාවේ ශ්‍රී ලංකා ඇක්ෂන් කෝලිෂන් නමැති දේශප්‍රේමි සංවිධානය මෙරට මුදලින් රුපියල් කෝටි 57 ක් වැයකරමින් ඔන්ටාරියෝ නිතිපතිට එරෙහිව කැනඩා අධිකරණයේ නඩුවක් ගොනුකරද්දී විදේශ කටයුතු බලධාරීන් සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ බලා සිටියේය. එම නඩුව ගැන මැදිහත්වීමක්ද කෙරුණේ නැත. මෙම නඩුව විභාග වන අවස්ථාවේ ශ්‍රී ලංකා රජය අනිවාර්යයෙන්ම මැදිහත්විය යුතුව තිබුණත් එවැන්නක් සිදුවූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ විනිසුරුවරිය වූ ජේටී අක්බාරලි නඩුව ප්‍රතික්‍ෂේප කිරීමයි. ඇය ලබාදුන්නේ කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව වැනි තීන්දුවකි.

එම තීන්දුවේ මෙලෙස සඳහන් විය.

ද්‍රවිඩ ජනසංහාර සතිය යනු අධ්‍යාපනික ක්‍රියා මාර්ගයකි. එසේම ඉදිරියේදී එවැනි සිදුවීම් වැළැක්වීමේ දැනුමක් ලබාදීමකි.

දැන් ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් නැත. ද්‍රවිඩ ස්වාධීන රටක්ද නැත. 40000 සිට 75000 දක්වා සංඛ්‍යාවක් මියගිය බව වාර්තා විය. එසේම තවත් වාර්තාවකින් කියා සිටියේ 146675 ක් මියගිය බවයි. විනිසුරුවරිය වූ අක්බාරලි මෙම තීන්දුව දුන්නේ කොටි හිතවාදී සංවිධාන හතරක් ඊට මැදිහත්වී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේ එම කරුණු පිළිගනිමිනි. ද්‍රවිඩයන් 146675 ක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාවේ ඊළමක් නෑ!… කැනඩාව නඩුව විසිකරයි!

මෙම පසුබිම මැද කැනඩා ද්‍රවිඩයන් සඳහා වූ ජාතික කවුන්සිලය, කැනඩා ද්‍රවිඩ ඇකඩමිය, කැනඩා ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ද්‍රවිඩ අයිතීන් සඳහා වූ කවුන්සිලය මෙම නඩුවට සම්බන්ධ විය. කැනඩාවේ ඔන්ටාරියෝ නීතිපති වෙනුවෙන් රොබින් බාසු – රවි අම්මාන්, ගීතා පිහිල්පුල්ලේ සහ ජනනි ශන්මුගරාජා නමැති ද්‍රවිඩ නීතිවේදීන් සම්බන්ධවූ මෙම ශ්‍රී ලාංකික නඩුවට මෙරට රජය සිය තානාපති කාර්යාලය හරහා කිසිදු කැනඩා නීතිවේදියකුගේ සහය ලබාදීමට ඉදිරිපත් වූයේ නැත.

ශ්‍රී ලංකාවේ ඊළමක් නෑ!… කැනඩාව නඩුව විසිකරයි!
කැනඩා විනිසුරුවරිය ජස්මින් අකාර්බලි

එසේ වුවත් අපමණ දුෂ්කරතා මැද කැනඩා ක්‍රියාකාරී සංවිධානය මෙම හමුවේදී ශ්‍රී ලංකාවට සාධාරණයක් ඉටුවෙයි යන විශ්වාසය මත ක්‍රියාකළත් විනිසුරුවරිය ඒකපක්‍ෂික බව වාර්තා විය. ඇයව විනිසුරුවරියක් ලෙස පත්කළේ 2016 දී කැනඩා රජයයි. එම තත්ත්වය මත කැනඩා සෙබලුන්ට යුද අපරාධ චෝදනා එල්ලවූ අවස්ථාවේ එම චෝදනා අධ්‍යාපනික කටයුතු ගැන හැදෑරීමක් බව කැනඩා අධිකරණය පැවසුවේ නැත.

කැනඩා අධිකරණයේ දෙබිඩි පිළිවෙත හෙළිවූයේ එම යුද අපරාධ චෝදනා ලෝක ප්‍රජාවට හෙළිවීමත් සමගය.

කැනඩාවේ සිදුවූ අපරාධ මෙසේය.

  1. රාජකීය කැනඩා අශ්වාරෝහක පොලිසිය සිදුකළ විමර්ශනයකදී 1980 සිට 2012 දක්වා එරට ගෝත්‍රික කාන්තාවන් 1200 ක් ඝාතනය වී ඇත.
  2. ගෝත්‍රික කාන්තාවන්ගේ හිමිකම් ගැන කටයුතු කරන ඕවරිහස්ට්ලි පැවසුවේ ඝාතනය වූ සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි.
  3. 2019 ජුනි 3 දා කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ වෙත ඉදිරිපත් වූ වාර්තාවක දැක්වූයේ රජය පැවැත්වූ ජාතික විමර්ශනයට ඝාතනය වූ අය ගැන කැනඩා ජාතිකයන් 2300 ක් සාක්‍ෂි දී ඇති බවයි.
  4. කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත හෙළිකළේ පුවනේසන් තුරේරාජා නමැත්තා යුද අපරාධ සිදුකළ බවයි.
  5. කොටි නෞකා ජාලයේ ප්‍රධානි රවි ශංකර් හෙවත් සංගිලිට කැනඩාව දේශපාලන රැකවරණ සැපයීම.
  6. සෙබළුන් 28 ක් ඝාතනය කළ කොටි ත්‍රස්තයන් දෙදෙනකුට යුද අපරාධ චෝදනා ඉදිරිපත් නොකර දේශපාලන රැකවරණ ලබාදීම.
  7. කොටි ගුවන් නියමුවන් පුහුණු කිරීම.
  8. වන්නි කොටි සමඟ එක්වී යුද වැදුනු කැනඩා කොටි දෙදෙනා රජයේ හිටපු ප්‍රබලයකු මැදිහත්වී මුදාහැරීම.
  9. කැනඩාවේ එකතු කළ අරමුදල් ස්විට්සර්ලන්තයට යවා අවි ආයුධ සඳහා මුදල් ගෙවීම.
  10. කැනඩා සෙබළුන් ඇෆ්ගනිස්තානයේදී යුද අපරාධ සිදුකළ බව දක්වමින් හිටපු ආරක්‍ෂක ඇමැති ඩේවිඩ් කොල්කොට් ජාත්‍යන්තර අධිකරණය ලවා පරීක්‍ෂණයක් ඉල්ලීම.
ශ්‍රී ලංකාවේ ඊළමක් නෑ!… කැනඩාව නඩුව විසිකරයි!

එසේ වුවත් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මේ කිසිදු දෙයක් ගැන විමර්ශන අරඹා නැත. ඔහු කැනඩා හමුදා සෙබළුන් යුද අපරාධ කළ බව පිළිගෙන නැත.

එහෙත් කොටි හිතවාදීන්ගේ දැඩි බලපෑම් මැද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කැනඩාව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. ටෲඩෝ අද අනුගමනය කරන්නේ කොටි හිතවාදී පිළිවෙතකි. කැනඩා රහස් පොලිසිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයට අරමුදල් සැපයුවේ කොටි බව තහවුරු කරද්දී ජස්ටින් ටෲඩෝ නිහඬ විය.

1995 දී කැනඩා සෙබලුන්ට එල්ල වූ යුද අපරාධ චෝදනා නිසා හිටපු ආරක්‍ෂක ඇමැති කොල්කොට් කැනඩා ගුවන් යානා බළකාය විසුරුවා හැරියේය. මේ සිද්ධිය අද මුළුමනින්ම වසන් වී ඇත. එහෙත් අක්බාරලි විනිසුරුවරිය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවූ බව පිළිගෙන ඇත. කැනඩා මන්ත්‍රීවරු 11 ක්ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකාවේ හමුදාව ජන සංහාරයක් නොකළ බවට කැනඩා අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකර නැත.

මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් කැනඩා පුරවැසියන් සහ කැනඩාවේ මන්ත්‍රීවරු පිරිසක් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු විනිසුරුවරිය සාක්කි විමසීමකින් තොරව පිළිගැනීමයි. එසේ කැනඩාව ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදී යුද්ධයට අරමුදල් සපයා ඇතැයි කැනඩා පොලිසියේ ඔපරේෂන් ක්‍රීබල් මෙහෙයුමෙන් තහවුරු විය.

එම මෙහෙයුමේ වාර්තාව පවා අධිකරණය වෙත ඉදිරිපත් කර නැත. ඊට අමතරව කැනඩාවේ කොටි ත්‍රස්තයන් 8000 කට දේශපාලන රැකවරණ ලබාදී ඇති බව ස්ටුවට් බෙල් නමැති මාධ්‍යවේදියා හෙළිකර තිබේ.

එසේම කොටි ජාත්‍යන්තරය සතුව ඩොලර් මිලියන ගණනක වත්කම් ඇත්තේද කැනඩාවේ බව අනාවරණය වී ඇත. පසුගිය වසරේදී ස්විස් නඩු අධ්‍යක්‍ෂකවරයා කැනඩාවට අදාළ තොරතුරු සොයාගෙන ස්විස් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහෙත් කොටි සංවිධානය ස්විට්සර්ලන්තය තුළ තහනම් සංවිධානයක් නොවන බවට ස්විස් අධිකරණය තීන්දු කිරීම නිසා අවි ආයුධ මිලයට ගැනීමට කටයුතු කළ කොටි ත්‍රස්තයන් 14 ක පිරිස නිදහස් විය.

මේ පසුබිම මැද ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පැවරූ කොටින්ට එරෙහි නඩුව ප්‍රතික්‍ෂේප වුවත් ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ඊළම් රාජ්‍යයක් නැති බවට විනිසුරුවරිය තීන්දු කිරීම නිසා එම තීන්දුව කැනඩා කොටි ඩයස්පෝරාවට එල්ලවූ බරපතළ පහරකි. මේ අතර ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බවට විනිසුරුවරිය නිගමනය කිරීමද සැක සහිතය. ඇය එම නිගමනයට එළැඹියේ කැනඩා නීතිපති නිගමනයට සවන්දී මෙනි.

ශ්‍රී ලංකාවේ ඊළමක් නෑ!… කැනඩාව නඩුව විසිකරයි!

කැනඩා නීතිපතිවරයා පැවසුවේ ද්‍රවිඩ ජන සංහාර සතිය අධ්‍යාපනික වැඩසටහනක් බවයි. එසේනම් කැනඩාව එරට ගෝත්‍රික කාන්තාවන් දසදහස් සංඛ්‍යාවක් මරා දැමීමේ සිද්ධිය අධ්‍යාපන වැඩසටහනක්ද?

කැනඩා සෙබලුන් ඇෆ්ගනිස්තානයේදී ඇෆ්ගන් ජාතිකයන් මරා දැමීමත් අධ්‍යාපනික වැඩසටහන් යයි අර්ථ නිරූපනය කළ හැකිද?

මහාධිකරණ විනිසුරුවරිය මෙලෙස කැනඩා රජයේ කොටි හිතවාදීන්ගේ තීරණයට හිස නැමීම කිසිසේත් පිළිගත නොහැක. ඇගේ එම තීන්දුව සමස්ත ශ්‍රී ලාංකික හමුදාවම යුධ අපරාධකරුවන් කිරීමකි. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේ අනුග්‍රාහකයා වන්නේද කැනඩාවයි. එම සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය සමඟ එක්ව මානව හිමිකම් සමුළුවට යෝජනාවක් ගෙනඒමට දායක වන්නේද කැනඩාවයි. එහෙත් ජනපති හෝ රජය අද වනතුරු ඊට සූදානමක් නැත. එසේ වුවත් කොටි ඩයස්පෝරාව දැන් සිටම ඊට සූදානම් වී සිටිති. ජනපති හා ශ්‍රී ලංකා රජයට ජිනීවා යෝජනාවක් ඉදිරියේ ඇති බව අමතක වී ඇත. මෙහිදී සිදුවී ඇති කනගාටුදායක තත්ත්වය නම් වසර ගණනාවක්ම තමන් ඉපයූ මුදල් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ වැයකළ රටවල් රැසක දේශප්‍රේමීන් අසරණ තත්ත්වයට පත්වීමයි.

ජනපති සහ රජය එම දේශප්‍රේමීන්ව අත්හැරදමා ඇත. මේ අතර දැන් පැවැත්වෙන ජිනීවා 50 වැනි සමුළුවට පැමිණ සිටි කොටි හිතවාදියකු මානව හිමිකම් කවුන්සිලය ඇති ඉහළ මාලය වෙත විiුත් තරප්පුවේ යනවිට විදේශික රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අමතා පැවසුවේ සිංහලයන් දැන් සදහටම ඉවර බවයි. සිංහල රජය සිංහලයන්ව අතරමංකළා යනුවෙනි.

එම ප්‍රකාශය සැබෑවකි. ජිනීවාහි ආරම්භ වූ 50 වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇමැති හා තානාපති පමණකි. වෙන කිසිදු ශ්‍රී ලාංකිකයකුගේ නියෝජනයක් නොවුනි. ජිනීවාහි ශ්‍රී ලංකා ක්‍රියාමාර්ගවල සිදුවූ බරපතළ ඛේදනීය තත්ත්වය එයයි.

ශ්‍රී ලංකාවේ ඊළමක් නෑ!… කැනඩාව නඩුව විසිකරයි!

ඊට මගපෑදුවේ ජනපති ප්‍රමුඛ රජයයි. අප දුක්මහන්සිවී ඉපයූ ධනය කොටින්ට එරෙහි ජිනීවා සටනට වැය කළෙමු. එහෙත් අඥාන රජය අපව පාවාදී ජිනීවා සටනින් ඉවත්වුණා යයි ජිනීවා නුවර ශ්‍රී ලාංකික දේශප්‍රේමියෙක් කෝපයෙන් යුතුව කියා සිටියේය. මෙම ජිනීවා සටන 2009 මැයි 19 දායින් ආරම්භ විය. පාද තුනේ පුටුව ඉදිරියේ පෙළ ගැසුනු දේශප්‍රේමීහු කොටින්ට අභියෝග කරමින් ජිනීවා සටන දියත් කළහ. එහෙත් වසර 13 කට පසු ජිනීවා සටන අත්හැර දැමුනි. එවන් තත්ත්වයක් මැද ලබන සැප්තැම්බර් මස 51 වැනි ජිනීවා සමුළුව හමුවේ ශ්‍රී ලංකාව අසරණ තත්ත්වයකට පත්වනු නොඅනුමානය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්වැදීමට රුසියාවද නැත. එය ශ්‍රී ලංකාව තනිවීමකි. මේ අතර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී කොටි ඩයස්පෝරාව උතුරෙන් හමුදාව ඉවත්වෙනු යැයි දක්වමින් විරෝධතාවයක් පවත්වනු ලැබීය. කොටි සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ප්‍රභාකරන්ගේ කාඩ්බෝඩ් ඡායාරූපයක් හා කොටි ධජ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරුණි. මේ අතර උතුරේ ජාතික ආරක්ෂාව දුර්වල තත්ත්වයකට පත්වී ඇත.නාවික හමුදාවට නිරීක්ෂණ සඳහා ඉන්ධනවල හිඟයක් පවතින බවද හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment