ඉන්ධන බවුසරය ටිපර් රථයේ හැපී ලක්‍ෂ විසි ගණනක පාඩුවක්

86

යාපනයේ මුරුසවිල් ප්‍රදේශයේදී 23 දා ඉන්ධන බව්සරයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් රුපියල් ලක්ෂ විසි තුනක ඉන්ධන මහපාරේ ගලාගෙන ගොස් තිබේ.

මෙම අනතුරෙන් පසුව වාහන දෙකම ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල වූ දුම්රිය මාර්ගය මතට පෙරළී ගොස් තිබේ.

ඉන්ධන බව්සරය පෙරළීමත් සමගම එහි තිබූ ඩීසල් පාර පුරා ගලාගෙන යෑමට පටන් ගත් අතර ඒවා එකතු කිරීමට මුරුසවිල් ප්‍රදේශය අවට පිරිස් උත්සහ කළ නමුත් පොලිසිය ඔවුන්ව ආරක්ෂක හේතූන් මත ඉවත් කොට තිබේ.

ඉන්ධන බව්සරය ගිනි ගැනීම වැළැක්වීම පිණිසද මුරුසවිල් පොලිසියේ පොලිස් නිලධාරීන් විශේෂ ආරක්ෂාවක් යටතේ ක්‍රියා කොට තිබේ.

දුම්රිය මාර්ගය මතට පෙරළී ගොස් තිබූ ටිපර් රථය හා ඉන්ධන බව්සරය පොලිසිය විසින් බැකෝ යන්ත්‍ර හා දොඹකර භාවිත කරමින් ඉවත් කොට මාර්ගය හා දුම්රිය මාර්හයට සිදුව තිබූ අවහිරතාවය පැය කීපයකින් ඉවත් කොට තිබේ.

මුරුසවිල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment