ස්පා මුවාවෙන් ඇඟ විකුණූ කතුන් 4ක් අත්අඩංගුවට

15686

වාද්දුව නගර මධ්‍යයේ ආයුර්වේද සම්බාහනය කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කළමනාකාරිනිය ඇතුළු කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.

සූරියවැව සහ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 19, 20, 22 සහ 24 වියැති කාන්තාවන් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම කර ඇති බව පොලිසිය කීය.

කොස්තාපල් චානක යන නිලධාරියා උපාය දූතයකු ලෙස යොදවා එහි රැඳී සිටි 19 හැවිරිදි රූමත් කාන්තාවක රුපියල් පන්දහසක මුදලකට ලබාගෙන වැටලීම කර ඇතැයි සඳහන් වේ.

කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවට නිවාසවලට දැනුම් දී ඇති බවත්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් මාළු වෙළෙඳුන් ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ සේවය ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාරියන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක සුරංග රණවීර, කාන්තා පොලිස් පරීක්ෂක මානෙල්, සැරයන්වරුන් වන 55359 කනවිල, 18339 ලාල්, කොස්තාපල්වරුන් වන 91862 චානක සහ 102492 වාසල වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment