බියගම ෆේස්බුක් සාදය වටලයි : තරුණියෝ දෙදෙනෙක්, තරුණයෝ 14 ක් දැලේ

679

බියගම ප්‍රදේශයේ අවන්හල් භූමියක මුහුණු පොත ඔස්සේ දැනහැඳිනගෙන සාදයකට එක් වී සිටි තරුණියන් දෙදෙනකු සමග තරුණයන් 14 දෙනකු බියගම පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ තරුණ පිරිස ඊට පෙරදින (19 වැනිදා) රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණ පසුදින එනම් පෙරේදා (20 වැනිදා) උදේ වන තෙක්ම එහි සාදයේ රැදී සිට ඇත.

මේ සම්බන්ධව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

ඉන් එක් තරුණයකු ළඟ පමණක් අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 40 ක් තිබී හමු වූ අතර සෙසු පිරිස ළඟ මත්ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බව කියැවේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ළඟ තිබී හමු වූ තරුණයා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යන අතර සෙසු පිරිසට තරයේ අවවාද කොට මවුපියන් වෙත භාරදීමට කටයුතු කරන ලදී.

මෙම තරුණ පිරිස කොළඹ කොටහේන ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ට අඩු වියේ පසුවන්නන් වන බව කියති.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ගරුසිංහ, පො.කො. සේනානායක (88674), කරුණාරත්න (96937), අරවින්ද (34107) හා කාන්තා පො කො. දිල්රුක්ෂි (11151) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කරනු ලැබූහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment