සැමට සාධාරණය ඉටුවන  “ධර්මතාන්ත්‍රික  රාජ්‍යයක්”  පිහිටුවා ගැනීම !

292

රතු කමිසකරුවන් නමින් හැඳින්වූ තක්සින් ෂිනවත්‍රාට හිතවත් උද්ඝෝෂකයෝ වීදි බැස අරගල කළහ. බැංකොක් නගරයේ ව්‍යාපාරික කේන්ද්‍රීය ප්‍රදේශයක කඳවුරු බැඳගත් මෙම විරෝධතාකරුවන් ඉවත් කරන ලද්දේ එම වසරේ මැයි මාසයේදී එල්ල කෙරුණු දැඩි හමුදා ප්‍රහාරයකිනි. එහිදී පුද්ගලයන් 91ක් මියගිය අතර 1700කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම අර්බුදකාරී තත්ත්වය සමනයට පත්වූයේ මහා මැතිවරණයකින් නව පාලනයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමෙනි. මෙයින් මාස ගණනාවකට පසුව තක්ෂින් මහතාගේ සොහොයුරිය වන යින්ලක් ෂිනවත්‍රා 2011 ජූලි මාසයේදී රතු කමිසකරුවන්ගේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගොස් තායිලන්තයේ ප්‍රථම කාන්තා  අගමැතිනිය බවට පත් වූවාය. නමුත් 2014දී ඇය බලයෙන් පහකෙරුණු අතර දැන් ඇය රටින් බැහැරව වෙසෙයි. රතුකමිස කැරැල්ලේ කතාව එසේය.

 මිනිස් රුධිරයේ පැහැය වූ රතු පාටින් යුතු කමිසකරුවන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදෙසා, ජනතා පරමාධිපත්‍යයේ බලය ආරක්ෂා කිරීම සඳහා වීදි බසින්නේ 2010 වසරේදී තායිලන්තයෙනි. රටේ සිටින සමස්ත ජනතාව වෙතට දිගහැරුණු සැලසුම් සහගත අරගලයක තිබිය යුතු දාර්ශනික එළැඹුමක් හෝ දිගුකාලීන දේශපාලන දැක්මෙන් දුප්පත් වුවද, එකී අරගලය මහපොළොව මත ක්‍රියාත්මක වීමේ ධෛර්යය මෙන්ම පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටීම දක්නට ලැබිණි. රතු කමිසකරුවන්ගේ ආරම්භය සිදුවන්නේ 2006 වසරේ දී සිදුවූ තායිලන්ත අගමැති තක්ෂීන් සිනවාත්‍රා බලයෙන් පහකළ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුවය. හිටපු අගමැති තක්ෂින්ගේ නායකත්වයෙන් යුතු තායි රක් තායි පක්ෂයේ ආධාරකරුවන්ගෙන් රතුකමිස ව්‍යාපාරය ආරම්භ විය. ටෙලිකොම් ව්‍යාපාරික ප්‍රකෝටිපතියකු වූ හිටපු අගමැති තක්ශින් සිනවත්‍රාට 2008 දී දූෂණ චෝදනා මත සිර දඬුවම් නියම කරන ලද්දේ වංචා දූෂණ මගින් අනිසි ලෙස උපයා ගන්නා ලදැයි චෝදනා ලද ඩොලර් බිලියන 1.4ක් ද රජසතු කරමිනි. මීට වසර 12කට පෙර බැංකොක් වීදි හරස්කරගෙන සිටි රතු කමිසකාර විරෝධතාකරුවන්ගේ අපේක්ෂාව මහා මැතිවරණයකින් තක්ශින්වාදී පක්ෂය බලයට පත් කර අනතුරුව තක්ශින් සිනවත්‍රාට තායිලන්තයට ඒමට මඟ පැදීම විය.

 රතු කමිසකරුවන් නමින් හැඳින්වූ තක්සින් ෂිනවත්‍රාට හිතවත් උද්ඝෝෂකයෝ වීදි බැස අරගල කළහ. බැංකොක් නගරයේ ව්‍යාපාරික කේන්ද්‍රීය ප්‍රදේශයක කඳවුරු බැඳගත් මෙම විරෝධතාකරුවන් ඉවත් කරන ලද්දේ එම වසරේ මැයි එල්ල කෙරුණු දැඩි හමුදා ප්‍රහාරයකිනි. එහිදී පුද්ගලයන් 91ක් මියගිය අතර 1700කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම අර්බුදකාරී තත්ත්වය සමනයට පත්වූයේ මහා මැතිවරණයකින් නව පාලනයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමෙනි. මෙයින් මාස ගණනාවකට පසුව තක්ෂින් මහතාගේ සොහොයුරිය වන යින්ලක් ෂිනවත්‍රා 2011 ජූලි මාසයේදී රතු කමිසකරුවන්ගේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගොස් තායිලන්තයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බවට පත් වූවාය. නමුත් 2014දී ඇය බලයෙන් පහකෙරුණු අතර දැන් ඇය රටින් බැහැරව වෙසෙයි. රතුකමිස කැරැල්ලේ කතාව එසේය.

 රතු කමිස මතක් වූයේ ගාලු මුවදොර සතියකට අධික කාලයක් තිස්සේ රාජපක්ෂ පාලනය ඉවත්විය යුතු බව පවසමින් පවතින නොනවතින උද්ඝෝෂණය නිසාය. විරෝධතා කලාපය “ගෝඨාගෝගම” ලෙස නම් කරමින් කුඩා ජනපදයක ආකාරයකින් මේ වන විට ක්‍රියාත්මක වෙයි. විරෝධතාවයේ නිරත පිරිස කූඩාරම් සවිකර රාත්‍රිය ගත කරන අතර ඔවුන් විසින්ම ජංගම වැසිකිළිද විරෝධතා භූමියට රැගෙන විත් ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මෙම විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම් බව පසුගිය 13 වැනිදා ප්‍රකාශ කර තිබිණි. රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබිණි. විරෝධතාකරුවන් මෙයට පිළිතුරු වශයෙන් දක්වා තිබුණේ අගමැති සමග කතා කිරීමට දෙයක් නොමැති බවත් ජනතාවගේ ඉල්ලීම රාජපක්ෂවරුන් ගෙදර යෑම බවත්ය. මේ කණ්ඩායම ආණ්ඩුවට බල කර කියා සිටින ප්‍රධාන කාරණා දෙකකි. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය. මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂ පවුලට අයත් සියලු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන අය) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය. උද්ඝෝෂණ හරහා පමණක් ආණ්ඩුවක් හෝ විධායක ජනපතිවරයා ඉවත් කළ හැකිද යන්න අපට ඇති බරපතළ ප්‍රශ්නයකි. මේ උද්ඝෝෂණයට නායකත්වය දෙන්නේ කවරෙක්ද? ආණ්ඩුව හෝ ජනපති ඉවත් වුවහොත් ඊට විකල්ප වශයෙන් ඉදිරිපත්කරන නායකයා කවරෙක්ද? යූ ටියුබ් තරුවකට රටේ නායකත්වය දිය හැකිද? රාත්‍රියට විනෝදයට පැමිණ උද්ඝෝෂණය කිරීමෙන් හෝ දෙවොල් නැටීමෙන් රටේ ඇත්ත ප්‍රශ්නය විසඳිය හැකිද? අවුරුදු ප්‍රීතිය සමග ඩොලක්කි රැගත් තරුණ ළමයිද

 “ගෝඨාගෝගම” භුමියේ සැරිසැරීම් දකින විට 2019 සිට නිසි ලෙස වෙසක් සැමරීමට නොහැකිවීම හේතුවෙන් මෙහි සරන්නේ දැයි සැක සිතේ. කවර දේශපාලන ව්‍යාපෘතියකට වුවත් යම් නායකත්වයක් තිබිය යුතුය. මෙහි නායකත්වයක් නොමැති වීම අරාජිකත්වයට හේතුවකි. සමහරු කියන්නේ මෙය කානිවල් එකක් බවය. ආණ්ඩු විරෝධීන් කුප්පන කතාවක් වුවත් නොකියා බැරිය. කවරක් නමුත් ආණ්ඩුව මේ විරෝධතා මර්දනය නොකිරීම යහපත්ය. ඔවුනට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට මෙන්ම ගරායකා නැටුමට පවා හොඳින් ඉඩ ලැබී ඇත. සෙනසුරාදා රාත්‍රියේ මාතර සිට පැමිණි නර්තන ශිල්පීන් ගාලු මුවදොර ගරා යකාට අඳින අයුරු දක්නට ලැබිණි.

 මේ අතර ජනපතිවරයා වෙත ලිපියක් ලියමින් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සම ලේකම් තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමියන් සටහන් කර ඇත්තේ ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවයි. එහි මෙසේද සඳහන් වේ. මේ උද්වේගකාරී අවස්ථාවෙහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයේ හඬට සාවධාන වී රාජ්‍ය බලයටත් වඩා ජනතා බලයට ඉඩකඩ ලැබෙන පරිද්දෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි සිතමු. ප්‍රතිපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ද තමන්ගේ භූමිකාව අර්ථවත් වන පරිද්දෙන් සියලු වාද භේද හා පටු අපේක්ෂා අත්හැර ජනතාව හා රටේ ආර්ථිකය පැත්තෙන් බලා සාධාරණ සාමූහික විසඳුම් මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශය. එසේ හෙයින් දීර්ඝකාලීන විසඳුම් මඟකට යන තෙක්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමැති මඬුල්ල ඉවත් කොට මධ්‍යස්ථ මහ ජනතාවගේ ප්‍රසාදය එක්තරා පමණකට හෝ දිනාගත් පක්ෂ – ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහ ජනතාව උග්‍ර ලෙස පෙළන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් වහ වහා මුදා ගන්නා ලෙස කරුණාවෙන් දන්වමු. ‘ප්‍රතිපක්ෂවල සියලු මන්ත්‍රීවරුන් ද මේ අර්බුදයෙහි බැරෑරුම්කම දූරදර්ශීව බුද්ධිමත්ව වටහාගෙන ජනතාව සුවපත් කරන ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට උත්සුක වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. එසේම සියලු දෙනාට සාධාරණය ඉටුවන “ධර්මතාන්ත්‍රික රාජ්‍යයක්” පිහිටුවා ගැනීමට උත්සුක වන ලෙස පක්ෂ – ප්‍රතිපක්ෂ – රටවැසි හැම දෙනාගෙන්ම ශාසනාලයෙන් ඉල්ලා සිටිමු” (උපුටනය අවසන්) ඇත්තෙන්ම

 නාහිමියන්ගේ අදහස් මේ අර්බුදකාරී අවස්ථාවේ ඉතා වැදගත්ය. මෙරට බෞද්ධ රටකි. බහුතරය මේ සඳහා එකඟ කරවීමට අපහසු නැත. කෙසේ නමුත් අද ලංකාවේ නිර්මාණය වී තිබෙන අර්බුදය එක්

 රැයකින් උද්ගත වූවක් නොවේ. එය එතෙක් මෙතෙක් ගෙන ගිය අසාර්ථක ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළෙහි කූටප්‍රාප්තියයි. මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට බලපෑ සාධක කිහිපයකි. පළමුවැන්න අසීමාන්තික ලෙස විදේශ ණය ගැනීමත්, සංවර්ධන ව්‍යාපෘති නමින් හැඳින්වූ එහෙත් ප්‍රතිලාභ නොදෙන ව්‍යාපෘතිවල යෙදවීම වේ. කවරක් නමුත් දේශපාලනඥයන්ට බැණ වැදීමෙන් පමණක් යහපතක් වන්නේ නැත. ජනතාව ද වෙනස් විය යුතුය. ගෙදර කුණු පාරට විසිකර රාත්‍රියට “ගෝඨාගෝගම” වෙත පැමිණීම බරපතළ ආත්ම වංචාවකි. රට දියුණු කරගැනීමට එය අත්‍යවශ්‍යය. මිනිසුන් විසින් මිනිසුන් සූරා කනු ලැබීම නැවැත්විය යුතුය. අනෙකාව ද ආරක්ෂා කරගනිමින් සාමූහික ගමනක් යන්නේ කෙසේ ද යන්න ගැන ජනතාව කල්පනා කළ යුතුය. මේ පාලකයන් පන්නා දමා බලයට ගෙන එන්නේ කවුද යන ප්‍රශ්නයේදී ජනතාවට ඇති වගකීම, භූමිකාව අතිමහත්ය. බොහෝ දෙනා ඒ අවස්ථාවේ නිර්පාක්ෂික සළු ඉවත දමයි. ප්‍රශ්නය වන්නේ එවිටය. අරගලයේ සුජාතභාවය හෙළිවන්නේ එවිටය. ඉදිරියේදී කුමන දේශපාලන පක්ෂයකින් ආණ්ඩුවක් බලයට පත් කළ ද එහිදී සලකා බැලිය යුත්තේ එම කණ්ඩායමට රට ගොඩනැඟීමට ඇති හැකියාව පිළිබඳවය.

 මේ සියල්ල අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ තමන් කිසිම විටක ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බවයි. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරුණු බලතල උපයෝගි කරගෙන රට පාලනය කරන බවයි. ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බවත් කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත. තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත්, ඉන් පිටස්තර ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත. කවරක් නමුත් ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැටීමට කිසිම විටක ඉඩදිය යුතු නැත. වඩාත් සුරක්ෂිත විය යුත්තේ ආණ්ඩුව නොව ශ්‍රී ලංකා රාජ්‍යයයි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment