මේ දවස්වල කරදර එමටයි – ආදරයෙනුත් පැරදුණා – රුක්ෂානා දිසානායක

208

සුසුම් රස්තියාදුවට හොඳ ප්‍රතිචාර

මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබළු” සහ සර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන “සුසුම් රස්තියාදු” ටෙලි නාට්‍ය හරහා ඔබේ ඇස් මානයට එන බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ආදරණීය” නිහතමානී” සුන්දර” දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ. රුක්ෂානාගේ රංගන ජීවිතයේ අලුත්ම තොරතුරු සහ රස මතක පිළිබඳව අපත් සමග කතා බහ කළේ මෙලෙසිනි.

● කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල නම් කරදර ගොඩක් ආවා. මගේ ආච්චි නැති වුණා. ඉතින් ඒ කරදර බාධක මැද තමයි ඉස්සරහට හිත හදාගෙන යන්න තියෙන්නේ. මම ගොඩක්ම ජීවිතේ ආදරේ කළ කෙනා තමයි එයා. ඉතින් ඒ දේවලුත් එක්ක ගොඩක් හිතේ වේදනාවෙන් තමයි ඉන්නේ.

මේ දවස්වල කරදර එමටයි - ආදරයෙනුත් පැරදුණා - රුක්ෂානා දිසානායක

● රංගනයෙන් දායක වුණ නිර්මාණ මොනවද?

මේ දවස්වල නම් ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන “සුසුම් රස්තියාදු” ටෙලි නාට්‍යයේ සහ සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබලු” ටෙලි නාට්‍යය එක්ක තමයි රංගනයෙන් දායක වෙන්නේ.

● “සුසුම් රස්තියාදු” ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

2019 දී වගේ තමයි අපි මුලින්ම නාට්‍ය කළේ. ඊට පස්සේ ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශනය කරන්නට පටන් ගත්තට පස්සෙ තමයි ආයෙත් ෂූටින් පටන් ගත්තේ. ඇත්තටම මේ නාට්‍යය මට වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක්. ඉතින් ““සුසුම් රස්තියාදු” කියන්නේ ඉතාමත් හොඳ නිර්මාණයක් කියලා මම හිතනවා.

මේ දවස්වල කරදර එමටයි - ආදරයෙනුත් පැරදුණා - රුක්ෂානා දිසානායක

● රසිකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

“සුසුම් රස්තියාදු” ටෙලි නාට්‍යට හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය හොඳ කමෙන්ට්ස් දෙනවා. හැමෝම හොඳයි කියලා තමයි කියන්නේ. ටෙලි නාට්‍යය දෙකටම එහෙම නරක ප්‍රතිචාරයක් නම් ඇත්තටම ලැබිලා නැහැ.

● අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?

අලුත් නිර්මාණ දෙකක් විතර කළා. ඉදිරියේදී ඒවා විකාශනය වෙයි.

● ඔබ බලාපොරොත්තු වුණ චරිත මේ වන විට ලැබිලා තියෙනවාද?

නැහැ. මම ආසකරන චරිත තව ගොඩක් තියෙනවා. ඉතින් සමහර විට ඒවා ලැබෙන්නත් පුළුවන් නැත්නම් මැරෙනකන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඉතින් අපට ලැබුණු දේවල්වලින් සෑහීමකට පත් වෙන්න ඕනෑනේ. ඒ නිසා ඒ ලැබුණු චරිත ගැන හිතලා අවංකව සතුටුවෙනවා.

● පිටපතක් භාරගන්නේ තෝරාබේරාගෙන ද?

ඔව්. ටිකක් තෝර බේරා ගන්නවා. අම්මගෙන් සමහර වෙලාවට නීතිරීති වැටෙනවා. ඉතින් ගොඩක් තෝරා බේරාගෙන තමයි යන්නේ.

● ගෙදරින් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ ?

මගේ අම්මා තමයි ඉන්නේ මාත් එක්ක මගේ හැමදේටම. හොඳ” නරක හැම දෙයක්ම කියලා දෙන්නේ අම්මා තමයි. මගේ රංගන ජීවිතයටත්” නර්ථන ජීවිතයටත් ඇය නිතරම ශක්තියක් වෙමින් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

● රංගන ජීවිතයේ කලකිරීම් ඇති වුණ අවස්ථා තියෙනවද?

ඇත්තටම තියෙනවා. සමහර වෙලාවට ටෙලි නාට්‍යවලට තෝරාගෙන” ඊට පස්සේ ඒකට දිනත් දීලා පස්සේ ඒක නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් දැන්නම් ඒවට පුරුදු වෙලා තියෙන්නේ ඇත්තටම.

● රුක්ෂානා රංගන ශිල්පිනියක් වගේම නර්තන ගුරුවරියක්. අපි ඒ ගැනත් කතා කරමු.

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන උපාධිධාරිණියක්. ඉතින් ඒ පැත්තෙනුත් මම දැනට මගේ නර්තන ඇකඩමි එක කරගෙන යනවා” සති අන්තයේ සෑම සෙනසුරාදා දවසකම. මගේ ඇකඩමි එක තියෙන්නෙ කිරිබත්ගොඩ. බොලිවුඩ් නර්තනය සහ උඩරට නර්තනය තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් ඇකඩමි එකත් තව තව දියුණු කරලා තව නර්තනය පැත්තෙනුත් රටට සේවයක් සපයන්න තමයි හිතාගෙන ඉන්නේ.

● ජීවිතයට ආදරය දැනෙන්නෙ කොහොමද?

ආදරෙන් නම් පැරදිලා ඉන්නේ. මම ආදරේ දුන්නට ඒක කවදාවත් මට ලැබෙන දෙයක් නෙවෙයි. ඒක නිසා ඉතිං ආදරය ගැන දැන් ලොකු කලකිරීමකින් තමයි ඉන්නේ.

● ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මොකද කියන්න තියෙන්නේ?

ප්‍රේක්ෂකයන්ගේ ශක්තියෙන් තමයි අපි හැමදාමත් ඉදිරියට යන්නේ. හැමදාමත් ඒ විදිහට හොඳ නරක බෙදාගන්න මගෙත් එක්කම ඉන්න කියලා මම ආදරයෙන් කියනවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment