තෙල් මිල දර්ශකයේ මිලියන 17,876ක් ගිලිලා

100

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දී (2022) බොරතෙල් මිල දී ගැනීමේ දී මිල තීරණය කිරීම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876ක අතිරේක පිරිවැයක් ඛනිජතෙල් සංස්ථාවට දැරීමට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ දී ආනයනය කරනු ලැබූ බොරතෙල් බැරල් විසිලක්‍ෂ විසිතුන් දහස් පන්සිය නවයකට (2,023,509කට) අදාළව ගෙවීම් කිරීමේදී වෙනස් මිල දර්ශකයක් යොදා ගෙන ගෙවීම් කොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ඒ ඒ නිෂ්පාදනවලට අදාළව සිංගප්පූරුවේ හි දෛනිකව මිල දර්ශකයට අනුව ගණනය කරන ලද මිලට සාපේක්ෂව සංස්ථාව විසින් සැපයුම්කාර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 49ක් හෙවත් අදාළ ආනයන සටහන්කරයේ සඳහන් විනිමය අනුපාතය පදනම්ව

ගණනය කරනු ලැබූ රුපියල් මිලියන 17,876ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබූ බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment