ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 33 වැනි වාර්ෂික සම්මේලනය උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

74

ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය විසින් සිය 33වැනි වාර්ෂික සම්මේලනය පසුගියදා කොළඹදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම වසරේ සම්මේලනයේ තේමාව වූයේ “බැංකු ක්‍රමයේ ඉදිරි ගමන සඳහා ප්‍රත්‍යශ්ටික සහ උපයෝජනය” යන්නයි. සම්මේලනයේ ප්‍රධාන අමුත්තා වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාය. බැංකු ව්‍යාපාරයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් රවී මොල්ලිගොඩ මහතාට බැංකුකරුවන්ගේ සංගමය විසින් මෙහිදී සම්මානයක් පිරිනමන ලදී.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් එකී සම්මානය රවී මොල්ලිගොඩ මහතාට පිරිනමන අයුරුය. වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ජෙරම් ද සිල්වා ජ්‍යෙෂ්ඨ උප සභාපති බී. එච්. ප්‍රීනා උප සභාපති හලීන් හෙට්ටිගොඩ ප්‍රධාන ලේකම් ඩිල්ශාන් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment