ඉතාලි රැකියා කෙළින්ම බෑ

172

ඉතාලියේ රැකියා කෝටාවට ශ්‍රී ලාංකිකයන්ට ඍජුවම අයැදුම් කළ නොහැකි යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අයැඳුම් කිරීම ඉතාලියේ සිටින සේවා යෝජකයන් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදුකළ යුතුව ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මහතා දැනුම්දී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගුවන් තොටුපළ හා ප්‍රවර්ධන) අයි පතිනායක මහතා සඳහන් කරයි.

එබැවින් ඉතාලි රැකියා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමක් සිදු නොකරන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment