Forbes Marshall ශ්‍රී ලංකාව තුළ සිය 30 වැනි සංවත්සරය සමරයි

20

ක්‍රියාවලි කර්මාන්ත ක්‍ෂේත්‍රය තුළ කාර්යක්‍ෂමතා සහ බලශක්ති සංරක්‍ෂණ විසඳුම් පිරිනැමීමේ ප්‍රමුඛයකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම (Forbes Marshall Lanka Pvt Ltd) පසුගියදා තම 30 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීය. ගෙවුණු දශක තුනක කාලය මුළුල්ලේ සමාගමේ ගමන්මඟ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක යෙදුණු එම සැමරුමේ දී ඔහු මේ බව කීය.

ඉකුත් පෙබරවාරි 17 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ විවිධ කර්මාන්ත අංශවල ප්‍රකට පුද්ගලයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටීම කැපී පෙනුණි.

ෆෝබ්ස් මාෂල් ලංකා යනු Forbes Marshall සමූහයට අයත් සමාගමකි. වස 75කට අධික පරිචයක් සහිත එම සමූහයේ ශක්තිය මත පදනම්ව ක්‍රියාකරන ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වාෂ්ප බොයිලේරු වාෂ්ප උපාංග, පාලන උපාංග හැසිරවීම මෙන්ම අපවාහ සහ බාහීකරණ අධීක්‍ෂණ පද්ධති ක්‍රියාකරවීමේ ප්‍රමුඛයා වේ. 2018 වසරේ දී බලශක්ති කාර්යක්‍ෂමතා වැඩිදියුණු කරන අංශය යටතේ Gold Flame සම්මානය දිනාගැනීමට ද ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම සමත්විය. ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ලොෂාන් පලයන්ගොඩ මහතා උත්සව සභාව අමතමින් ගෙවුණු වසර 30ක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ සමාගමේ සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාට සිය කෘතවේදීත්වය පළකළේය. ගෙවුණු වසර 75 ක කාලය පුරාවට ෆෝබ්ස් මාෂල් සමූහය ලොව පුරා ව්‍යාපාර සහ ප්‍රජාවන් බලගැන්වූ ආකාරය ද සිහිපත් කළ ඒ මහතා පේරාදෙණිය, මොරටුව සහ රුහුණ යන දේශීය විශ්වවිද්‍යාලවල වාෂ්ප රසායනාගාර පිහිටුවමින් අනාගත උපාධිධාරීන් සහ ඉංජිනේරුවන් වෙත නවතම දැනුම බෙදාදීමට සමාගම සිදුකරන කාර්යභාරය ද පැහැදිලි කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment