මත්කුඩු පැකට් ළඟ තබාගෙන සිටි පොලිසියේ 2ක් මාට්ටු

89

මත්කුඩු පැකට් දෙකක් ළඟ තබාගෙන සිටි සේවය අතහැර ගිය කොස්තාපල්වරයකු සහ මිරිහාන පොලිසිය් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු බිංගිරිය සහ දිවුලපිටිය පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා හෙරොයින් මිලිග්‍රෑම් 28 සහ 25 බැගින් අඩංගු පැකට් දෙකක් ළඟ තබාගෙන සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම පොලිස් නිලාරීන් දෙදෙනා කලක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිට ඇති අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළ හිටපු කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කිරීමට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් දිවුලපිටිය පොලිසියට ගොස් තිබේ.

මේ අතර පොලිසිය අත්හැර ගිය පොලිස් නිලධාරීන් බොහොමයක් පසුගිය කාලවලදී ඉදිරිපත් කළ අභියාචනා මගින් ඔවුන් යළි සේවයට එක්කර ගැනීමෙන් පසු ඉන් වැඩි දෙනෙකු විෂම ක්‍රියාවලට ඇබ්බැහි වී සිටින බව පොලිස් මූලස්ථානය කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.



නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment