යාපනයේ කඩු කල්ලි ගෙවුණු වසරේ 13දෙනකු කපා කොටා මරා දමලා

166

යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියේ සාමාජිකයින් විසින් පසුගිය වසර තුළ පුද්ගලයින් 13 දෙනෙකු කපා කොටා ඝාතනය කොට ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා 12 දා පැවසීය.

මෙම කාලය ඇතුළත යාපනයේ පුද්ගලයින් 21 දෙනෙකු කඩු කල්ලියේ සාමාජිකයින්ගේ ප්‍රහාර වලට ලක්වීමෙන් තුවාල ලැබූ බවද එම තොරතුරු වල සඳහන් වෙයි.

මේ අතර යාපනයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කලේ යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලිය විසින් මේ අන්දමට යාපනයේ පුද්ගලයින් ඝාතනය කිරීම් හා තුවාල කිරීම්වලට ලක් කරන ලද්දේ පෞද්ගලිකව ලබා ගත් කොන්ත්‍රාත් ඉටු කිරීමට හා කප්පම් ලබා ගැනීමේ අරමුණින් බවය.

මේ වන විට එම කල්ලි වල සාමාජිකයින් සියයට අසූවකින් පමණ මර්දනය කොට ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

යුක්තිය මෙහෙයුමත් සමගම මෙම කල්ලි වල විශාල පිරිසක් ආරක්ෂක අංශවලට කොටු වී සිටින බවද තවත් පිරිසක් ආරක්ෂක අංශ වල මෙහෙයුම්වලට බියෙන් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් කීපයකට පලා ගොස් ඇති බවද ආරක්ෂක අංශ සදහන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment