නැන්දම්මාට සහ ලේලිට පහරදී කාන්තාවක දූෂණය කළ දෙදෙනා විසි අවුරුද්දක් හිරේ

980

ලක්‍ෂ පහමාරක වන්දි ගෙවන්න්ත් නියෝග

වරකාපළ පොලිස් වසමේ පදිංචි කාන්තාවන් දෙදෙනකුට පහර දී එක් කාන්තාවක් දූෂණය කරන ලද දෙදෙනෙකුට වෙන් වෙන්ව කෑගල්ල පළාත්බද මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව අවුරුදු 20ක සිරදඬුවම් පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකීද අල්විස් මහත්මිය විසින් (31) නියම කරන ලදී.

ඊට අමතරව වින්දිතයන් සඳහා වන්දි සහ දඩ මුදල්ද අය කිරීමට නියම කරන ලදී. මෙසේ සිර දඬුවම් නියම වූයේ වරකාපල පදිංචි සුසන්ත පිරිස් දිසානායක (45) සහ වයි. ඩබ්ලිව්. රුවන් යාලේගොඩ (46) යන දෙදෙනාටය. 2017 ජූලි 12 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී වරකාපොළ පොලිස් වසමේ පදිංචි කාන්තාවන් දෙදෙනකුට (නැන්දම්මා සහ ලේලි) පහර දී ලේලිය දූෂණය කරන ලද වරදකට වරකාපොල පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විභාග කොට නීතිපති වරයා වෙත ඉදිරි පත් කිරීමෙන් පසු අධිචෝදනා ගොනුකොට කෑගල්ල පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. කෑගල්ල මහාධිකරණය විසින් දිර්ඝ නඩු විභාගයකින් පසු මෙම විත්තිකරුවන් දෙදෙනාට දඬුවම් නියම කරන ලදී. මෙම විත්තිකරුවන් සඳහා චෝදනා 4 ක් සඳහා නඩු විභාගය පැවැත්වුණ අතර පළමුවැනි විත්තිකරුට අවුරුදු 20ක් බරපතළ සිරදඬුවම් නියම කර ඊට අමතරව ලක්ෂයක දඩයක්ද එය නොගෙවන්නේ නම් තවත් අවුරුදු 03 ක සිරදඬුවම්ද, 4වැනි චෝදනාව සඳහා වසර එකක සිරදඬුවම් හා දඩය රුපියල් 1000 ක්ද, එය නොගෙවන්නේ නම් මාස 8ක සිරදඬුවම් නියම කර දෙවැනි වින්දිත කාන්තාවට රුපියල් 50000ක වන්දියක්ද එය නොගෙවන්නේ නම් මාස 8ක සිරදඩුවම්ද ගෙවිය යූතුය.

දෙවැනි විත්තිකරුට අවුරුදු 20 ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් හා ලක්ෂ 4ක වන්දියක් ද, එය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව අවුරුදු 03 ක්ද, දෙවැනි චෝදනාව සඳහා ලක්ෂයක දඩයක්ද එය නොගෙවන්නේනම් අවුරුදු 3 ක සිරදඩුවම්ද, 03 වන චෝදනාව සඳහා අවුරුදු 17 ක සිරදඩුවම් නියම වූ අතර දඩ වශයෙන් රුපියල් 80,000 ක්ද, එය නොගෙවන්නේ නම් අවුරුදු දෙකක සිරදඬුවම් නියම කර සියලුම සිරදඬුවම් එකවර ගෙවීයන ලෙසටද නියම කරණ ලදී. විත්තිය වෙනුවෙන් නීතිඥ රොෂාන්ත කුමාර ධර්මසේන මහතා පෙනී සිටියේය.
කෑගල්ල අතිරේක සහ කෑගල්ල – පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment