ඉදිරි පෙළ (වමේ සිට) චතුර සියසේන – උප සභාපති, නිරෝෂ් ගුණරත්න – භාණ්ඩාගාරික, ප්‍රිතා ප්‍රනාන්දු – සභාපති, රෝෂිණී සිල්වා – ලේකම්, චරිත් මහේන්ද්‍රරාජා – හිටපු සභාපති දෙවන පෙළ (වමේ සිට) ඒන්ස්ලි අලස්, නිරන්ජන් මානිකම්, ආදෙල් හෂිම්, නලින් ධර්මසිංහ (නැත) සුජීව විදානපතිරණ (නැත)

Sri Lanka Insurance Brokers Association (SLIBA) එහි 36වන වාර්ෂික සමුළුව කොළඹදී පසුගියදා උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.

රක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවය ඉහළ නංවන නව යුගයක් වෙනුවෙන් SLIBA නව කමිටුව, සභාවේ ඒකමතික ඡන්දයෙන් මෙහිදී තෝරා පත්කරගනු ලැබීය.

ප්‍රිතා ප්‍රනාන්දු – සභාපති, චතුර සියසේන – උප සභාපති, රෝෂිනී සිල්වා – ලේකම්, නිරෝෂ් ගුණරත්න – භාණ්ඩාගාරික, චරිත් මහේන්ද්‍රරාජා – හිටපු සභාපතිද කමිටු සාමාජිකයන් ලෙස ඒන්ස්ලි අලස්, නිරංජන් මාණිකම්, සුජීව විදානපතිරණ, ආදෙල් හෂිම්, නලින් ධර්මසිංහ යන මහත්මහත්මීන්ද මේ අනුව තෝරා ගත් කරගන්නා ලදී.

මෙම නව පත්වීම්,ප්‍රාග්ධන ආයෝජන පිළිබඳ විශේෂඥ දැනුමින් යුතු පිරිසක් බිහි කිරීමේ SLIBA වත්මන් මෙහෙවරට මනා සාක්ෂියක් මෙන්ම පිටුබලයක්ද වනු නොඅනුමානය.

SLIBA ශ්‍රී ලංකාවේ රක්ෂණ තැරැව්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ කාර්යයක නියුතු සංගමයක් වන අතර එහි මූලික අරමුණ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන රක්ෂණාවරණ යෝජනා කිරීමයි. නවීනතම තාක්ෂණ දැනුමින් සන්නද්ධ වෙමින්, කාර්යක්ෂම හා වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දීම වෙනුවෙන් සංගමය නිරන්තරයෙන් ඇපකැපවී සිටියි. මෙකී මෙහෙවර නිසා ජනතාවට වඩාත් ස්වාධීන හා විශේෂඥ සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව නොමදවම හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment