වාලම්පුරි විශේෂ ලොතරැයිපතක් එයි

77

ලංකාවේ සිව්දෙසටම වාසනාවේ පණිවිඩය රැගෙන යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි “වාලම්පුරි” ලොතරැයි ටිකට්පතෙහි දෙවන දිනුම් ඇදීමට අදාළ විශේෂ ලොතරැයිපත වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගිය 23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරංගල මහතාගේ මූලිකත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්විණි.

තවද කොළඹ දිස්ත්‍රික්කය තුළ ශනිදා සුපර් බෝල්, කප්රුක සහ අද කෝටිපති යන ලොතරැයි ටිකට්පත් තුළින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ චෙක්පත් පිරිනැමීම ද මෙහිදී සිදුවිණ. තවද මෙහිදී වාලම්පුරි විශේෂ ලොතරැයිපත සංවර්ධන ලොතුරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරංගල මහතා විසින් ප්‍රථමයෙන් ම එය අලෙවි නියෝජිත මහතකු වෙත ලබාදුන් අයුරු සහ එම අවස්ථාවට එක්වූ නිලධාරීන් සහ ජයග්‍රහණය ලැබූවන් සමගින් අලෙවි නියෝජිතයන් ඡායාරූපයට පෙනී සිටි අයුරු.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment