නෙස්ලේ ලංකා සමාගම, ප්‍රජා පෝෂණ සංචිත 25ට වියළි ආහාර ද්‍රව්‍ය සහ නෙස්ලේ නිෂ්පාදන පරිත්‍යාග කරයි

87

ප්‍රතිලාභී පවුලක් පරිත්‍යාග ලබාගන්නා අයුරු (වමේ සිට දකුණට): නෙස්ලේ ලංකා ජ්‍යෙෂ්ඨ කළමනාකරු – ආයතනික සබඳතා, දමිත කුලතුංග මහතා. නෙස්ලේ ලංකා කළමනාකරු – ආයතනික සන්නිවේදන, ඉසුරි අලහකෝන් මෙනෙවිය. නෙස්ලේ ලංකා සහකාර උප සභාපතිනි – ආයතනික සන්නිවේදන, රාධිනී ද කොස්තා මහත්මිය. නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා. ප්‍රතිලාභිනිය. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ක්ෂේත්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂිකා ප්‍රියන්ති ලියනගේ මහත්මිය. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉඳුනිල් හිත්තැටිය මහතා

දිවයින පුරා විසිරී සිටින සහාය අවැසි ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

ඒ අනුව, යහපත් ආහාර, යහපත් ජීවිතය (Good food Good life) යන තේමාව පෙරදැරි කරගත් නෙස්ලේ සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මගින් රට තුළ මතුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතා ගැටලු‍ව හේතුවෙන් පිහිටුවන ලද ප්‍රජා පෝෂණ සංචිත 25ට වියළි ආහාර ද්‍රව්‍ය සහ නෙස්ලේ නිෂ්පාදන පරිත්‍යාග කළේය. මෙසේ පරිත්‍යාග කරන ලද දෑ, තෝරාගත් ප්‍රතිලාභී පවුල් වෙත ඔවුන්ගේ අවශ්‍යතාව මත බෙදාහරිනු ඇත. සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සහාය අවැසි මොහොතේ ඔවුන්ට සහාය වීමේ නෙස්ලේ ලංකා වැඩපිළිවෙළ යටතේ මෙම පරිත්‍යාග සිදුකෙරිණි. වර්තමාන සමාජ ආර්ථික අභියෝග හමුවේ තම වටිනාකම් දාම පාර්ශ්වකරුවන්ට මෙන්ම ඉන් ඔබ්බට ගොස් පොදුවේ ජනතාවට සහන සැලසෙන ව්‍යාපෘති කිහිපයක්ම මේ වසර තුළ ආරම්භ කිරීමට නෙස්ලේ ලංකා සමාගම කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment