මගේ ඇඟේ ටැටූ නැහැ – රුමාලි කෙෂිඩා

163

රුමාලිට තියෙන්නෙ පාසල් කාලයේ ආදර කතාවක්

රුමාලි කෙෂිඩා කිව්වාම ටිකක් නුහුරු ඇති. ඒත් ‘සීසර්ලා. ටෙලියේ දිලුක්‍ෂිව අමතක වෙන්න විදිහක් නැහැ. ඇය දැන් අලුත් චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා. ඔබටත් රුමාලි ගැන දැනකියාගන්න බොහෝ දේවල් ඇති. අපේ මේ සංවාදය ඒ වෙනුවෙන්.

● මොනවද මේ දවස්වල කලා කටයුතු?

අලුත් චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වුණා. දිනක්‍ෂි ප්‍රියසාද්” පැතුම් රුක්‍ෂාන් වගේ ජනප්‍රිය නළු නිළියන් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව. ඊට අමතරව ‘සීසර්ලා. ටෙලි නාට්‍යයේ දිලුක්‍ෂි කියන චරිතය නිරූපණය කරනවා.

මගේ ඇඟේ ටැටූ නැහැ - රුමාලි කෙෂිඩා

● කොහොමද ප්‍රතිචාර?

මේ ටෙලි නාට්‍යයට නළු නිළියන් තිස්දෙනෙක් පමණ රංගනයෙන් දායක වෙනවා. වෙනස් කතාවක්. නරඹන ප්‍රේක්‍ෂකයන් දන්නව ඒක. දිලුක්‍ෂිට ලැබෙන ප්‍රතිචාරත් ඉතා හොඳ මට්ටමක තියෙනව.

● මේ අත්දැකීම මොන වගේද?

අපි ගොඩක් වෙලාවට පුරුදුවෙලා ඉන්නෙ කොළඹ අවට රූගත කිරීම්වලටනෙ. මේ ටෙලියේ රූගතකිරීම් තියෙන්නෙ කුරුණෑගල. ඒ වෙනසත් එක්ක වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබාගන්න අපිට පුළුවන් වුණා.

මගේ ඇඟේ ටැටූ නැහැ - රුමාලි කෙෂිඩා

● අලුත්ම සිනමා නිර්මාණ ඔබට ලැබෙන්නෙ කොහොමද?

අපි සාදයකට සහභාගි වෙලා ඉන්න අවස්ථාවක මෙහි අධ්‍යක්‍ෂ හර්ෂ උඩකන්ද අයිය මට කතාකරල ඇහුවා අපි ෆිල්ම් එකක් කරන්න අදහස් කරනව ඒකට සම්බන්ධ වෙන්න කැමතිද කියල. පිටපත කියෙව්වට පස්සෙ මට දැනුණා මේක මගේ සිනමා දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වෙයි කියල. ඒ අනුව තමයි මේ නිර්මාණයට මම සම්බන්ධ වෙන්නෙ.

● නිළියක් වීම ගැන තෘප්තිමත්ද?

ඔව්” ඇත්තටම ඒ ගැන සතුටුයි. අපේ පවුලේ අයත් හරි කැමතියි මම මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරනවට. එයාල හිතුවෙත් නැහැ මට මේ වගේ ගමනක් යන්න පුළුවන්වෙයි කියල. කොහොම වුණත් මේ යන ගමනෙදි හරි පරිස්සමට තෝරා බේරාගෙන තමයි මම වැඩ කරන්නෙ.

● ඔබට වැඩිපුර ලැබෙන්නෙ බටහිර පන්නයේ චරිත?

මම හිතන්නෙ එහෙමයි කියල. මොකද මම අඳින පළඳින විදිහත් එක්ක වෙන්න ඇති” ගොඩක් දුරට මට ලැබෙන චරිත බටහිර පන්නයට බර. ඉදිරියේදී වෙනස් චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නව වගේම මම හිතනව එවැනි චරිත මට ලැබෙයි කියල.

● පසුගිය කාලයේ වැඩිය දකින්න ලැබුණෙ නැහැ?

ඔව්” මගේ අධ්‍යාපන කටයුතු එක්ක තමයි කාලය ගත වුණේ. දැන් ඒ කටයුතු අවසානයි. එල්.එල්.බී කළත් මම රංගනයටත් එක වගේ කැමතියි. ඒ නිසා දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න තමයි අදහස් කරන්නෙ.

● ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?

ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න නම් අපි ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන. මොකද ජනප්‍රියත්වය කියන්නෙ එක දිගට එකම විදිහකට පවත්වාගෙන යන්න බොහොම අපහසු දෙයක්. මම” මට ලැබෙන නිර්මාණ වෙනුවෙන් උපරිම දේ කරනව. අපේ ප්‍රේක්‍ෂකයන් තමයි අපිව ඉහළින් තියනවද පහළින් තියනවද කියල තීරණය කරන්නෙ.

● වටිනාකම කියන දේ නිසි අයුරින් ලැබෙනවද?

මම හිතන්නෙ මේ වටිනාකම කියන දේ බොහොම ටික දෙනකුට ලැබෙන දෙයක්. ප්‍රතිපත්තියක් සහ වගකීමක් ඇතිව වැඩ කළොත් තමයි අපිට ඕනෑම රැකියාවකදි ගරුත්වය සහ වටිනාකම කියන දේ ලැබෙන්නෙ. ඒක කලාවටත් අදාළයි.

● මෙතෙක් ලැබුණ චරිත ඔබ දකින්නෙ කොහොමද?

මෙතෙක් ලැබුණු හැම චරිතයක්ම මම බොහොම ආසාවෙන් කළා. නමුත් අඳින පළඳින විදිහෙන් මගේ සාමාන්‍ය ජීවිතයෙයි” චරිතයේයි ලොකු වෙනසක් මට දැනුණෙ නැහැ. මට වෙනස් කරගන්න දෙයක් තිබුණෙ නැහැ. ඉතිං ලැබෙන චරිතයක හරි එහෙම වෙනසක් වෙනවනම් මම කැමතියි.

● විලාසිතාවලට තියෙන කැමැත්ත?

මම මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙ වෙළෙඳ දැන්වීම් හරහා. ඉන් පස්සෙ මිස් ශ්‍රී ලංකා” මිස් ඒෂියා” මිස් වල්ර්ඩ්” මිස් අර්ත් යන පැජන්ට්වලට සහභාගි වුණා. නිරූපණ ක්‍ෂේත්‍රයේ කටයුතු කළ නිසා ෆැෂන් කියන දේ මගෙ ඇඟේම තියෙනව.

● මේ වන විට නිරූපණයෙන් ඈත් වෙලාද?

මම නිරූපණයෙන් ඈත් වෙලා නැහැ. මම අදටත් ඒ දේවල්වලට සම්බන්ධ වෙනවා.

● නිරූපණයේදී සීමාවන් තියෙනවාද?

ඔව්” මේ දේ කරන්නෙ නැහැ” මේ විදිහට අඳින්නෙ නැහැ වගේ යම් යම් සීමාවන් මම ම හදාගෙන තියෙනව. තෝරාබේරාගෙන මට ගැළපෙන විදිහට තමයි ඒවායේ නියැළෙන්නෙ.

● නිරූපණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ටැටූවලට කැමතියි?

පෞද්ගලිකව ටැටූවලට මම කැමති නැහැ. මගේ ඇඟේ කොතනකවත් ටැටූ එකක් නැහැ. නමුත් එහෙම කරන අයව විවේචනය කරන්න යන්නෙත් නැහැ. ඒක ඒ අයගෙ පෞද්ගලික කැමැත්ත.

● රුමාලිගෙ පෙනුමේ රහස මොකක්ද?

මම කන බොන දේවල් ගැන ගොඩක් හිතන කෙනෙක්. දිනපතා ව්‍යායාම් කරනව. මම අදටත් බත් නොකා ඉන්නෙ ඇඟ මේන්ටේන් කරගන්න ඕන නිසා තමයි.

● රඟපෑමට ගෙදරින් විරුද්ධ වුණේ නැතිද?

රංගනයට යොමු වුණා කියල ගෙදරින් ලොකු විරුද්ධත්වයක් තිබුණෙ නැහැ. එයාල මට කිව්වෙ අධ්‍යාපනය පැත්තෙන් හිතල වැඩකරල අනිත් දේවල් කරන්න කියල.

● රුමාලි කියන්නෙ මොන වගේ කෙනෙක්ද?

මම බොහොම සතුටින් හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. සතුන්ට වුණත් මිනිස්සුන්ට වුණත් බොහොම ආදරය කරන කෙනෙක්. තරහ ගියත් මට කාටවත් බනින්න බැහැ. ඒ වෙලාවට මම කරන්නෙ කතාකරල මොකක්ද ප්‍රශ්නෙ කියල අහන එක තමයි.

● පුංචි තිරයයි රිදී තිරයයි අතරින් වැඩි කැමැත්ත මොන පැත්තටද?

මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ ටෙලි නාට්‍යයට. සිනමාව කියන්නෙ ටිකක් ලොකු තැනක් කියලයි මට හිතෙන්නෙ.

● රුමාලි ආදරවන්තියක්?

ඔව්” මට තියෙන්නෙ පාසල් කාලයේ පටන් තිබුණ ආදර කතාවක්. අදටත් අපි හොඳින් සතුටින් ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment