ආච්චි ළඟ සිටි දැරියක් කාමාතුරයින් රැසකට බිලිවෙලා

723

බිබිල සෙවන බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින දැරියක් 2019 සහ 2020 වර්ෂ වලදී පුද්ගලයින් පස්දෙනෙකු අතින් වරින්වර දූෂණයට ලක්වී ඇති බවට පරිවාස දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට කරුණු අනාවරණය වී ඇත.

ළමා රක්ෂණ අධිකාරියට ලද තොරතුරක් මත සිදුකළ විමසීම් වලදී දැරිය විසින් අදාළ තොරතුරු පවසා තිබේ.

ඇයගේ පියා කුඩා කාලයේදීම මව හා ඇය හැරගොස් දමා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර මවද වෙනත් විවාහයක් කරගෙන ඇත.

දැරිය හැදී වැඩී ඇත්තේ ආච්චි අම්මා ලඟය.

ආච්චි අම්මා කුලී වැඩ කරමින් ඇයව රැක බලාගෙන තිබේ.

එසේ සිටියදී ආච්චි අම්මා නොමැති අවස්ථාවලදී දැරිය මෙලෙස එම පුද්ගලයින් විසින් දූෂණය කර ඇත.

අධිකරණ නියෝගයක් ලබාගෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හම්බේගමුව පොලීසිය කටයුතු කරගෙන යයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment