කාදිනල්තුමාගේ ආශිර්වාද මැද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් හයකට නිවාස

30

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 6ක් සඳහා සා. අන්තෝනි නිවාස ව්‍යාපෘතිය තෙවන අදියර යටතේ තිත්තපත්තර හංවැල්ල ප්‍රදේශයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස ආශිර්වාද කිරීම හා විවෘත කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් මෙසේ ද කීවේය.

අද ලංකාවේ ලොකු ප්‍රශ්නයක් මේ නිවාස අඩුකම. බොහෝ පවුල් ඉන්නවා හිසට සෙවණක් නැතුව පීඩා විඳින. ඒක ජාතික මට්ටමේ ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. අපේ මේ රට ආසියාවේ තියෙන ලස්සනම රටක්. මේ රටේ අපිට උරුමයක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා, සභ්‍යත්වයක් තියෙනවා. අපිටම උරුම වෙච්ච පදනමක් තියෙනවා. එමනිසා අපි ඒක අගය කරන්න ඕනේ. අගය කරලා අපේ දෙමව්පියන්ට ගරු කරන්න, දරුවන්ව ආදරෙන් රැකබලා ගන්න, අපේ ණය යුතුකම් ඉෂ්ට කරන්න, දරුවන් වෙනුවෙන් කැපවෙන්න ඕනෑ යැයි කාදිනල්තුමා කීවේය.

කාදිනල්තුමාගේ ආශිර්වාද මැද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් හයකට නිවාස

ඉතින් අපි උන්වහන්සේට පළමුව ස්තූති කරන්න ඕනේ. අපේ දෙමව්පියන්, ඥාතීන්, ගුරුවරුන්, අපිට උදව් කරපු අයට අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේක අපේ සමාජයේ තිබිය යුතු උතුම්ම ගුණාංගයක්. අනිත් අයට කරදර නොකර සන්තෝෂයෙන් ජීවත් වන්න.

මෙම අවස්ථාවට ධර්මදූත කලාපීය නාහිමි තැන්පත් ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමා, ගුරුබැවිල දිසානායක තරංග සම්පත් පියතුමා, අගරදගුරු පදවි ඉඩම් හා දේපළ පරිපාලක ගිහාන් රිඩ්ලි පියතුමා, තරාල මීසම් සේවක චමින්ද රොෂාන් පියතුමා, සාන්ත අන්තෝනි ව්‍යාපාර අධිපති ඊ. ඒ. එමිල් මහතා හා සෙත් සරණ වත්මන් අදියුරු නිලන්ත හේෂාන් පියතුමා මෙම අවස්ථාවට සහභාගි විය.

සටහන පින්තූර – රොෂාන් ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment