අරගල – ගැටුම් විමර්ශනයට ජාතික සමගිය සහ සහජීවන කොමිසමක් එයි

142

සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විත ජාතික සමගිය සහ සහජීවන කොමිසමක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

මෙම කොමිසමේ සාමාජිකයන් නම් කරන්නේ ජනාධිපතිවරයා විසිනි. කොමිසමේ කටයුතු පිටු 31 කින් යුක්ත වේ.

1983 ජුලි 24 සිට 2009 මැයි 11 දා තෙක් මෙරට සිදුවූ විවිධ අර්බුද – කලබල – යුද ගැටුම් සහ වෙනත් අරගල ගැන මෙම කොමිසම මගින් විමර්ශනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසමට සමානව මෙම සහජීවන කොමිසම ස්ථාපිත කෙරෙනු ඇත. මෙම කොමිසමේ සිවුදෙනෙක් නිත්‍ය සාමාජිකයෝ වෙති.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment