මහජන බැංකුවේ වලස්ගල ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සුබ මොහොතින් සිදුකෙරිණි. මෙම ශාඛාව තුළින් එම ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය (ATM) තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ මාතර ප්‍රාදේශීය කළමනාකාර සමන් රත්නායක, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් වන සුජිත් කුමාරසිංහ, ඩබ්ලිව්.එන්.ඩී. ප්‍රියනාත්, නිෂානි පතිරණ සහ වලස්ගල ශාඛා කළමනාකාරිනි ටෂිකා කරුණාසේන යන මහත්ම මහත්මින් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරින් සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747 කින් සමන්විත මහජන බැංකුව, මිලියන 14.7කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම් සහිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment