ACL කේබල්ස් සමූහය 2022 දෙවන කාර්තුව අවසානයේ රු.බි. 5.1ක් වාර්තා කරයි

153

ශ්‍රී ලංකාවේ අංක 1 කේබල් නිෂ්පාදකයා වන ACL කේබල්ස් පීඑල්සී 2022 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා කළ 705%ක දැවැන්ත වාර්ෂික වර්ධනය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යමින් වසරේ දෙවන කාර්තුව අවසානයේ 270%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනවු 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාලය තුළ සමූහයක් ලෙස රුපියල් බිලියන 5.1ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් විය. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වූ ලාභය රුපියල් බිලියන 1.4කි.

එසේම සමාගමක් ලෙස ACL කේබල්ස් පීඑල්සී විසින් 2021 වසරේ දෙවන කාර්තුව තුළ වාර්තා කරන ලද ශුද්ධ ලාභයට සාපේක්ෂව මේ වසරේදී එම කාල සීමාව තුළ 250%ක සුවිශේෂී වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 1.9ක ශදු්ධ ලාභයක් වාර්තා කරන ලදී. එහිදී දැකිය හැකි වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයන් මධ්‍යයේ වුවද මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන විට පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වාර්තා කළ සමස්ත ශුද්ධ ලාභය හා සැසඳීමට සමූහයට හා සමාගමට හැකියාව උදා වීමයි. සමූහයේ ආදායම රුපියල් බිලියන 16.9ක් වූ අතර සමාගමේ ආදායම රුපියල් බිලියන 9.3ක් විය. සමූහය හා සමාගම විසින් පිරිවැය අවම කිරීම සඳහා අනගුමනය කරන ලද වැඩසටහන්හි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත කාල සීමාවේදී සමූහයේ හා සමාගමේ විකුණුම් පිරිවැය පිළිවෙලින් 30% සහ 18% ලෙස පවත්වාගෙන යාමට සමත් වූයේ කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කරමිනි. මීට අමතරව බෙදාහැරීමේ සහ පරිපාලන වියදම්ද අවම අනුපාතයක් යටතේ පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment