බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සිය FutureKey පුහුණු වැඩසටහන සපිරූ සමාරම්භක කණ්ඩායම අගයයි

46

සංචාරක ක්‍ෂේත්‍රයේ සුප්‍රකට ආගන්තුක සත්කාර ජාලයක් වන බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් (Browns Hotels & Resorts – BHR), එහි FutureKey පුරෝගාමී වැඩසටහනේ විශිෂ්ටත්වය සනිටුහන් කිරීමේ අවස්ථාව උත්සවාකාරයෙන් සමරනු ලැබීය. ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ යොවුන් කුසලතා ජීවයෙන් සවිබල ගැන්වීම උදෙසා නිර්මාණය කර ඇති මෙම විප්ලවීය වැඩපිළිවෙලේ සමාරම්භක සම්මාන ප්‍රදානෝත්සවය ජුලි මස 26 වනදා එක්සෙල් වර්ල්ඩ් පාර්ක් ප්‍රිමියර් හිදී පවත්වන ලදී.

දිවයින පුරා උපක්‍රමීය ලෙස පිහිටා ඇති බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් විශිෂ්ට සංචාරක හෝටල් හා නිකේතන නවයම නියෝජනය කරමින් උද්යෝගිමත් සිසුන් 85 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම FutureKey වෘත්තීය මට්ටමේ පුහුණු වැඩසටහනට සහභාගි විය. ක්ලබ් හොටෙල් ඩොල්ෆින් (Club Hotel Dolphin), ද කාම් රිසෝට් ඇන්ඩ් ස්පා (The Calm Resort and Spa), හොටෙල් සීගිරිය (Hotel Sigiriya), තාල බෙන්තොට රිසෝට් (Thaala Bentota Resort), දික්වැල්ල රිසෝට් (Dickwella Resort), රීවීල් බුටීක් කලෙක්ෂන් (Reveal Boutique Collection), කොළඹ එක්සෙල් වර්ල්ඩ් (Excel World) සහ ආශ්‍රිත හෝටල් ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල (Occidental Eden Beruwala සහ ඔක්සිඩෙන්ටල් පැරඩයිස් දඹුල්ල (Occidental Paradise Dambulla) මෙම ප්‍රමුඛ ආයතන අතරට ගැනේ. මෙම උත්සවයේදී සෑම සිසුවකුටම ඔවුන්ගේ නිපුණතාවය අගයමින් අගනා වැඩසටහන් සහතිකයක් සහ ජයග්‍රාහී තිළිණ හිමිවූ අතර, ආනන්දජනක මතකයන් රඳවන ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ගතකිරීමට අවස්ථාව සැලසිණ.

advertistmentadvertistment
advertistmentadvertistment