පාර්ලිමේන්තුව….. භාණ්ඩ සඟවන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

247

* සුදුලූනු සිද්ධියට බලපෑම් කළැයි ඔප්පු කළොත් දේශපාලනයෙන්  සමුගන්නවා – වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

* දත්ත මැකුණාට පසු බිලියන 10ක ටෙන්ඩර් දීලා – හරීන් ප‍්‍රනාන්දු (සජබ)

* ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ට නැති ඉනිමං හැදෙනවා – අනුර කුමාර දිසානායක (ජාජබ)

*පාසල් අරින්න වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව බාර් ඇරියා – මුජිබර් රහුමාන් (සජබ)

පාර්ලිමේන්තුව..... භාණ්ඩ සඟවන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා - රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

භාණ්ඩ සඟවමින් පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගැනීමට ඇති අයිතිය වළක්වන සුළු පිරිසක් වන කූට ව්‍යාපාරිකයන්ට එරෙහිව සම්මත කළ දැඩි නීති කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික සේවා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත‍්‍රධාරී නරේන්‍ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (22 දා) පෙරවරු 10 ට රැුස්විණි.

ප‍්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරු වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව 27/2 යටතේ ප‍්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) හා වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැණිනි.

විවාදය ආරම්භ කරමින්,

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා,

පාර්ලිමේන්තුව..... භාණ්ඩ සඟවන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා - රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

පුවත්පත්වල පළවෙන ඇමැති දෙපළගේ බලපෑම මත ඉවත් වීමට සිදු වූ බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශයක් කර තිබෙනවා.

අමාත්‍යාංශ බෙදීම කළේ ජනපතිවරයා අලූත් ක‍්‍රමයකට. පාරිභෝගික කටයුතු, සමුපකාර මිල තීරණ කිරීම රාජ්‍ය ඇමැති සතුයි. මා කරන්නේ කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කිරීමයි.

මා කිසිම උපදෙසක් දෙන්න, කිසිම ආකාරයකින් ඔහු සමඟ සාකච්ඡුා කර නැහැ. මේ පත්වීම හිටපු ඇමැති චමල් රාජපක්‍ෂ මහතාගෙන් ලබාගෙන ඇත්තේ. මම හෝ පවුලේ කිසිවකු හෝ වංචාවක් සිදුකර ඇති බවට ඔප්පු කළහොත් මම හෙටම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් සමුගන්නවා.

පසුගිය රජය කාලේ සතොස අලාභය රුපියල් බිලියන 20 ක්. රජයේ එදා පාලනය කළ අය ඊට වගකිව යුතුයි. නිපැයුම්කරුවන්ට රුපියල් බිලියන අටක් ගෙවන්න තිබුණා. එවැනි ආයතනයක් මම භාර ගත්තේ.

සතොස නිලධාරින් සුදුලූනු වරායෙන් අරගෙන වැලිසර ගබඩාවට ගෙනත් තිබුණා. මේ ගැන පොලිසියට මම පැමිණිලි කළා. ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා වැලිසර සතොස නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙකු ද පුද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඇමැති ලෙස මම හෝ කාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ බලපැම් කළ බවට ඔප්පු කළහොත් කප්පම් ගත් බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හෘද සාක්‍ෂියට එකඟව පවසනවා. ජරා දේශපාලනය කරන්න එපා. හොරකම් කරලා කොමිස් ගහලා කිසි කෙනෙක් කිසි දෙයක් මැරෙනකොට ගෙනියන්නේ නැහැ.

පත්කළ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු (සජබ) –

පාර්ලිමේන්තුව..... භාණ්ඩ සඟවන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා - රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න


රාජ්‍ය ඇමැති චන්න ජයසුමන කළ ප‍්‍රකාශය අසත්‍යයක්. ඔහු කියනවා අතින් අරන් ලියන ක‍්‍රමයට යා යුතුයි කියලා. ලංකාවේ දත්ත ආරක්‍ෂාවට නීති ගෙනාවේ අපි. මේක සෙල්ලමක් නොවෙයි. මේ දත්ත වංචාවට වගකිවයුත්තේ මේ ආණ්ඩුවයි.

අපේ කාලයේ නොවෙයි මේ දත්ත ඔන්ලයින් ් එකකට ගියේ ට‍්‍රයල් එකක්. 2020 ජනවාරි මාසයේ තමයි ඇරඹුණේ.

ආණ්ඩුව සී.අයි.ඞී.යට ගියේ දත්ත මැකිලා සති දෙකකට පස්සේ. දත්ත ලියාපදිංචිය නැති කාලේ ඇන්ටිජන්, මාස්ක්, සිරින්ජර් බිලියන 10 ක ටෙන්ඩර් ගිහිල්ලා. මේවා බෙහෙත් නොවෙයි. මිනිස්සු මැරෙනකොට කොමිස් ගහන පිරිසක් මේ ආණ්ඩුවේ ඉන්නේ.

ඇමැති චන්න ජයසුමන

ඖෂධ දත්ත මැකීම ගැන ඊයේ මගේ පිළිතුරෙන් විපක්‍ෂය කුලප්පු වෙලා. මම රැුස්වීමක සිටියදී පාළුගෙයි වළං බිඳලා. රටක් නොමඟ යවනවා පාර්ලිමේන්තු වරප‍්‍රසාද පාවිච්චි කරලා මම කොතනකවත් කිව්වේ නැහැ ඩිජිටල් එපා කියලා. ඒ සමාගම් කිව්වා මැනුවල් කරන්න කියලා. ප‍්‍රධාන සමාගම් පහකට විතරයි ඖෂධ ගෙන්වන්න අවසර දුන්නේ. වැදගක් ලියකියවිලි තිබුණෙ. මැකුවෙ කවුද කියන කාරණය සෙවිය යුතුයි. මේ වංචාවට මුල්ගල තිබ්බේ 2015 දී එදා ගෙනාපු දුර්වල පනතකින්. අධිකරණයෙන් වැරදිකරුවකු කරපු කෙනෙක් යළි පත්කළා. පිළිකා ඖෂධවලින් රුපියල් බිලියනයක පාඩු වෙලා. වංචාවක් වුණාම ඒ ගැන කරුණු කී විට ඒවාට පිළිතුරු දෙන්නේ බොරු චෝදනා කරලා.

මා සභාගත කළ දත්ත නිවැරදි බව තහවුරු කරනවා. ඒ 2019 පමණයි. 2015 සිට 2019 දක්වා කළ වංචා ගැන ඉදිරියේදී සභාගත කරනවා. මාෆියාව වළක්වන්න අවශ්‍ය සියලූ නීති ඉදිරියේදි ගෙන එනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක (ජා.ජ.බ) –

පාර්ලිමේන්තුව..... භාණ්ඩ සඟවන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා - රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

සතොස සුදුලූනු වංචාවක් සිදු වී තිබෙනවා. නීතිය හරියට ක‍්‍රියාත්මක වෙනවා නම් අධිකරණයට තමයි කරුණු දැක්විය යුත්තේ. ගැසට් නිවේදන නිකුත් කළ යුත්තේ ඇමැතිවරයා. එහෙත් රාජ්‍ය ඇමැතිවරයා ගැසට් නිවේදන නිකුත් කරලා. එදා තමන්ගේ වංශවත් බව පෙන්වීමට අලි ඇති කළා. විහාරස්ථාන, දේවාලවල හිටපු වංශවත් අය ළඟ අලි හිටියා. ඒ අලි පෙරහැරවලට යොදාගත්තා.

අලි ජාවාරම් පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. අරක්කු ෆැක්ටරිකාරයෝ යටිමඩි ගහපු අය දේශපාලනය උපයෝගි කරගෙන මුදල් උපයපු අය අලූත් වංශවත් බවට පත්වුණා. නව චෞර ධනවත් පිරිසක්. ඔවුන්ට අලියෙක් ඇති කරන්න ඕන වුණා. පනතෙන් ලියාපදිංචි නොකළ අලියෙකුට ලියාපදිංචිය ලැබෙනවා. මෙමගින් ජාවාරම්කරුවන්ට ඉනිමං බැදීමක් ලැබෙනවා. අලි 38 ක් පිළිබඳ චෝදනා තිබෙනවා. අලි 15 ක් නිදහස් කරන්න අවසර දීලා තිබෙනවා.

තමන්ගේ නැති ප‍්‍රභූත්වය ඇතිකර ගැනීමට අලි ලබාගෙන තිබෙන්නේ. එහි අලි දෙන්නෙක් ආරක්ෂක නිලධාරියෙකුට අයිති. ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ට නැති ඉනිමං හදනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මධුර විතාන (ශ‍්‍රීලපොපෙ)


එන්. එම්. ආර්. ඒ. හදපු මහ මොළකරුවන් අද කලබල වෙලා. මම තමයි මෙම ආයතනයට විරුද්ධව මුලින්ම පැමිණිලි කළේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සාර්ථකව විමර්ශන කරනවා. මේ ආයතනයේ සමහර නිලධාරීන් යහපාලන ආණ්ඩුවේ හිටපු අයගේ රැුකවරණ ලබාගෙන උසාවි නියෝග අරගෙන සී. අයි. ඞී. එකට ගෙනවිත් තිබෙන්නේ.

ඇතැම් ඖෂධ සැපයුම්කරුවන් තෝරාගත් අයයි. අනෙක් සැපයුම්කරුවන් කපා දැමීමට ටෙන්ඩර් සකස් කිරීම් සිදුව තිබෙනවා. මිල සූත‍්‍ර කිසිවක් ක‍්‍රියාත්මක වී නැහැ. බරපතළ මහජන මුදල් සොරාකෑමක් සිදුවී තිබෙනවා. එදා වෛi සැපයුම් අංශය මේ ¥ෂිත ගනුදෙනුවලට හවුල් වුණා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් එක පැමිණිල්ලක්වත් එදා ඉදිරිපත් වුණේ නැහැ.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

අද වෙළෙඳපොළ සංකීර්ණයි. ෆෝන් එකෙන් භාණ්ඩ ඇනවුම් කරන්න පුළුවන්. ඒ නිසා කාලෝචිතව නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට හැමෝම යෝජනා ලබා දෙන්න. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්.

පාරිභෝගික ආරක්ෂාවට මිල පාලනයේදී පවතින දඩය වැඩි කළ යුතුයි. රුපියල් 10,000 දඩය ලක්ෂ පහ දක්වා වැඩි වෙනවා. ඒ වගේම අවස්ථා කිහිපයක් යටතේ දඩ මුදල් ලක්ෂ 10 දක්වා වැඩිවෙනවා. පාලන මිල කඩකළොත් දඩ ක‍්‍රියාත්මක වෙනවා. ව්‍යාපාරිකයින්ගෙන් බහුතරය හොඳයි. ඒත් සියයට 10 ක් විතර තනිකරම ලාභය වෙනුවෙන්මයි කළුකඩ ලෙස ක‍්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ට එරෙහිවයි මේ නීති ක‍්‍රියාත්මක වන්නේ.

කිරිපිටි, හාල්, ගෑස්, සම්බන්ධයෙන් අනිද්දා, රැුස්වන ජීවන වියදම් කමිටුවකින් තීන්දු ගන්නවා.

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා දේශපාලන පත්වීමක්. හිටපු ඇමැති පත් කර ඇත්තේ. ඔහුට මම හෝ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කිසිවිටෙකත් තර්ජනය කර නැහැ.

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් ආදිය ගැන අපි සමාගම් සමඟ සාකච්ඡුා කළා. යම් මිල වැඩිවීමකට එකඟවුණා. ඔවුන් අඛණ්ඩව භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතුමයි.

ඉල්ලා අස්වූ අධ්‍යක්‍ෂවරයා කළ සෑම චෝදනාවක්ම ප‍්‍රතික්ෂේප කරනවා. නිලධාරීන් සමග කටයුතු කරන්න අපට බාධාවක් නැහැ. අපි වැටලීම් 277000 ක් කර ඉන් 254,000 කට නඩු පවරා රුපියල් ලක්ෂ 978 ක් දඩ අයකර තිබෙනවා. එක් දඩයක් රුපියල් 350 ක් විතර වෙන්නේ. ඒ නිසා දඩ මුදල් වැඩි කිරීමේ අවශ්‍යතාවය තිබුණා.

නවීන තාක්ෂණය අද අත්‍යවශ්‍යයි. ආහාරවල ගුණාත්මකභාවය බැලීම අද අත්‍යවශ්‍ය වී තිබෙනවා.

ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මනුෂ නානායක්කාර (සජබ)

සීනි, පොල් සහල්වලින් මහා වංචා වුණා. මේවා ගැන ඇමැතිවරු දන්නේ නැහැ.

එන්නත් ගෙනාපු දිනවලට කලින් අපි කියපු කාලේ ගත්තානම් අඩු මිලට ගන්න තිබුණා. සයිනොෆාම් බංග්ලාදේශයට ලැබෙනවා. අපිට වඩා අඩු මිලට. මේවායින් කොමිස් ගැහුවා.

විiාත්මක පදනමක් නැතිව හම්බන්තොටට ෆයිසර් දුන්නා. ඒ නිසා රටේ අනිත් පැතිවල තරුණයන් ෆයිසර් ඉල්ලා එන්නත් ගහන්නේ නැහැ.

දැන් රෝගී තත්ත්වය අඩු නිසා රට විවෘත කරන්න කියා අපි ඉල්ලනවා. සෞඛ්‍ය අංශවල ඉන්න විශේෂඥවරු අද ඉල්ලා අස්වෙනවා. ඒ වගේම සමහර විශේෂඥවරු කමිටුවලට යන්නේ නැහැ.

හැටට වැඩි අයට එන්නත් ලබාදීම නැවැත්වූයේ මේ ආණ්ඩුව. මියගිය අයගෙන් වැඩිම පිරිස ඔවුන්. ජීවිත 8428 ක් ඝාතනය කර තිබෙනවා. ඒ නියමිත වෙලාවට එන්නත් නොදුන් නිසා. විශේෂඥයින් කියන දේ ඇහුවේ නැහැ. මේ ආණ්ඩුවට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් පැනවිය යුතුයි.

පත් කළ මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ‍්‍රීලපොපෙ)

අද සහල්, සීනි, සම්බන්ධව වෙළෙඳපොළේ ගැටළු ඇතිවෙලා. විවෘත වෙළෙඳ පොළේ සිල්ලර මිලක් දාපු ගමන් පිටින් බඩු දාපු ව්‍යවසායකයෝ බඩු සැපයීම නවත්වනවා. වෙළෙඳපොළ හා රජය අතර ඇතිවන ගැටුම නැවැත්වීමටයි රජය නීති ගෙන ආවේ.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා (සජබ)- අද පාරිභෝගික පනත යටතේ මේ රටේ ජනතාවට මූලිකවම අවශ්‍ය ආහාර. ඊළඟට අවශ්‍ය ප‍්‍රධානතම දේ ඖෂධ, ඒ නිසා ඖෂධ පිළිබඳව මේ තිබෙන තත්ත්වය ගැන කතා කළ යුතුයි. ඊයේ මේ රාජ්‍ය ඇමැතිවරයා කතා කළා. එහිදී විශාල ආන්දෝලානාත්මක චෝදනා කළා. ඔහු ඉදිරිපත් කළ ලැයිස්තුව තිබෙනවා. ඔහු මොන බොරුවක්ද ප‍්‍රකාශ කළේ. එතුමා කියනවා රුපියල් 395 කට ගත්තු සිරප් එක අපි 55,000 ට අරන්ලූ. සිරප් එකක් 55000 කට ගන්නේ මොළේ නැති පිස්සෙක් මේ අය කතා කරන්නේ ඉදිරිපත් කරපු ගණන් කොටේෂන් දීපුව ගැනයි. දැන් කැප්ටෝවිල් සිරප් එක ගැන කියනවා. ඒ අය 395 ට ගත්තේ කියලා. මේ ඖෂධ රුපියල් 475 කට අරන් තියෙන්නේ අපි. ඒ මොකද ඒ. අපි කුප්පි 1500 යි. ඒ අය 2500 ක් අරන් තිබෙනවා. එවිට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. දෙවැනි ඖෂධය ලොරසෆාම් එක අපි ගත්තේම නෑ. අමූලික බොරු මේ කියන්නේ. මේ ඖෂධය ගන්න නියෝජිතයෙක් හිටියේ නෑ. එය 373 ට ගත්තා කියන්නේ බොරු. මෙයාලා තමයි මාෆියාවක් කරලා තියෙන්නේ. ඊට පස්සේ අර පැරසිටිමෝල් පස්ස පැත්තට දාන බෙහෙත ගැන කිව්වා. ඒ අය අපි ගන්නවාට වඩා විශාල ප‍්‍රමාණයක් අරන්. එතකොට ඩිස්කවුන්ට් ලැබෙනවා. එතුමා කිව්වා ඖෂධ මාෆියාවක් ගැන. අද ඖෂධවල මිල පාලනයක් නෑ. ඖෂධ නෑ. අද රෝහල්වල අපේ කාලයේ මිල පාලනයක් කළා. ජනතාවට කෝටි 44 ක් ලාභ වුණා. සමාගම්වලට ලාභය අඩුවුණා. අපි දෙවැනි වරට තවත් ඖෂධ 25 ක මිල අඩු කළා. බිලියන 1.7 ක් අපට ඒකෙන් ලාභ වුණා. මෙක්සොෆාම් කියන එන්නතෙහි සියයට හැටක පමණ මිල පාලනය වුණා. අපි බිබිලේ ප‍්‍රතිපත්ති අනුව කි‍්‍රයා කළා. ඖෂධ මිල අඩු කරපු එකද ¥ෂණය කළා කියන්නේ. ඖෂධ 47 ක මිල පාලනය කළා. පළමුව ඉහළ මිල ගණන්වලට තිබුණු ඖෂධ මිල පාලනය කළා. ඒකෙන් අවුරුද්දකට තවත් මිලියන 07 ක් අඩු කළා. තයිරොක්සින් එක ගැන කතා කළා. එක ගඩොල් කැටයක් කියලා නෑ. බැසිල් රාජපක්‍ෂට එකක් කියලා අනෙක් පැත්තෙන් ඉන්දියාවෙන් ගේනවා. අපි කියනවා අනුරාධපුරේ මන්තී‍්‍රවරුන්ම කියන විදිහට වාහන නිවාස අරගෙන දැන් හෝටල් ගන්න හොයනවා. පක්‍ෂ කාර්යාල ගත්තා සල්ලි දීලා. දැන් කියනවා දත්ත ගබඩාව මකලාලූ. අපි ගත්තු ඖෂධවල තොරතුරු තිබෙන්නේ ෆයිල්වල. ඒවා තාම තිබෙනවා. හැබැයි ඔය ඇන්ටිජන් ගත්තු මිල ගණන් නම් මැකිලා ඇති. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කියනවා දිනමිණට දැන් කිසිම දත්තයක් මැකිලා නෑලූ. මැර ආණ්ඩුවක් මේක. වම කරන දෙයක් දකුණ දන්නේ නෑ. සයිනෝෆාම්වලින්, ඇස්ට‍්‍රාසෙනිකාවලින්, ෆයිසර්වලින් මේ අය හොරා කෑවා. එහෙම කරලා අමූලික බොරු කියනවා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා (සජබ) කොරෝනා වසංගතය අඩුවෙලා වගේ පේන්නේ පී. සී. ආර්. හා ඇන්ටිජන් පරීක්‍ෂණ කිරීම අඩු කිරීම නිසයි. කාටද මේ බොරු කරන්නේ. සැබෑ තත්ත්වය රටට කියන්න. අපේ‍්‍රල් මාසයේදී ඇත්ත නොකියපු නිසයි කොවිඞ් වැඩි වුණේ.

සෞඛ්‍ය පහසුකම් වැඩි කළ යුතුව තිබියදී ඇවිදින මංතීරු හදන්න මුදල් වෙන් කරලා. ගම්පහ රෝහල්වල විශාල ලෙස අඩුපාඩු තිබෙනවා. මුදල් නිසි කළමනාකරණයකට ලක් කළ යුතුයි. මේ ගනුදෙනු අස්සේ ජාවාරම් සිදුවෙනවා.

අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සරත් කුමාරසිරි (ශී‍්‍රලපොපෙ) – අද පෙරහැර පවත්වන්න අලි ඉන්නේ 98ක් විතරයි. ඒ නිසා අලි සුරක්‍ෂිත කර ගැනීම අත්‍යවශ්‍යයි. කාට හෝ අලියෙක් සුරක්‍ෂිතව හදාගන්න පුළුවන් නම් ඒ සඳහා අවස්ථාව තිබිය යුතුයි.

මඩකලපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ශානක්‍යන් රාසපුත‍්‍රම් – ජනාධිපතිට අගමැතිට අද විදේශ රටවල ජනතාව හූ සංග‍්‍රහ දෙනවා. එදා දුන්නේ දෙමළ ජනතාව අද දෙන්නේ සිංහල ජනතාව.

අද රටේ ආහාර ප‍්‍රශ්න. නැගෙනහිර අද ප‍්‍රශ්න රැුසක් මතුවෙලා. වැලි ජාවාරම සිදුවෙනවා. ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියනවා ඕන වෙලාවක බෝම්බ පිපිරේවි කියලා. එහෙමනම් උන්වහන්සේගෙන් ප‍්‍රශ්න කරන්නැත්තේ ඇයි.

කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුප පැස්කුවල් (ශී‍්‍රලපොපෙ) – රටම සොහොන් පිටියක් බවට එදා පත් කරපු විපක්‍ෂය අද රටේ සිදුව ඇති ව්‍යසනය ගැන චෝදනා කරනවා. එදා මුස්ලිම් ජනතාවත් අනාරක්‍ෂිත වුණේ අන්තවාදයට උඩගෙඩි දුන්නා. ජාතීන් අතර ප‍්‍රශ්න ඇති කළා. අද විපක්‍ෂය බොරු චෝදනා එල්ල කරනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නලින් බණ්ඩාර (සජබ) – එදා ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණ ගැන කියලා ඞී. අයි. ජී. නාලක එළියට දාලා. පාස්කු ප‍්‍රහාරයට ඉඩ හැදුවා. එහෙම කළේ නැත්නම් පාස්කු ප‍්‍රහාරයක් සිදු වන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට ආවේ නැත්නම් අද 12,000ක් මැරෙන්නෙත් නැහැ.

අද ලොක්ඩවුන් නිසා කොවිඞ් පාලනය වෙලා. ලොක් ඩවුන් එකට බලකෙරුවෙ විශේෂඥ වෛiවරු. ඒවගේම විපක්‍ෂය. ආණ්ඩුව මුරණ්ඩු ලෙස රට වහන්නෙ නැතිව තිබ්බා.

රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක – හීලෑ අලින් ආරක්‍ෂා කිරීමට අද පනතක් ඉදිරිපත් කළා. අලි ඇතුන් ඇත්දළ එදා සිට පිටරට යවලා තියෙනවා. නමුත් අද අලියෙක් මැරීම බරපතළ වරදක් කර තියෙනවා. අලි ආරක්‍ෂා කරන්න නීති තද කර තියෙනවා.

අපි එක මනුස්සයෙකුටවත් කජු වවන්න පවරලා නැහැ. අපි සිවිල් ආරක්‍ෂක බළකායට පමණයි දීලා තියෙන්නේ.

අපි අලි මිනිස් ගැටුම අවම කරන්න පියවර ගන්නවා කියලා මීටර් 4600ක අලි වැටකුත් තියෙනවා. එදා රජ දවසේ සිට අද දක්වා තවම විසඳුම් නැහැ. අලි අගල හා එල්ලෙන අලි වැට මේවට විසඳුම් ලෙස තිබෙනවා. අපි ඒවා කි‍්‍රයාත්මක කරනවා.

සන්නස් පත‍්‍රයක් මගින් එන්. ජී. රාජපක්‍ෂ මහතාට පවරා ඇති අලියා යළි භාරදෙන ලෙස කොටුව උසාවිය නියෝග කර තියෙනවා. ඒ අලියා දෙනියාය පන්සලකට භාරදී තියෙනවා.

එදා ගිය ආණ්ඩුව අවසන් කාලයේ හබරන එකම තැන අලි හත්දෙනකු මියගියා. අපි තාම ඒ ගැන පරීක්‍ෂණ කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ 12000ක් මරපු මිනිමරුවා කියනවා. එහෙනම් ජෝබයිඩන්, මෝදි ලක්‍ෂ ගණනකගේ මිනි මරුවා. අද ගෝඨාභය ජනාධිපති නොසිටියානම් විපක්‍ෂයේ අයත් කොරෝනාවලින් මැරිලා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ
– මඩකලපුවේ සමහරු ඉඩම් බලෙන් ඇල්ලූවා. පෙට‍්‍රල් ෂෙඞ් බලෙන් ඇරපු අය ඉන්නවා ටයි කෝට් ගහලා වංචා කළේ. රාසමානික්කම් වීරයෙක් නොවිය යුතුයි.

අපි එන්නත්කරණයෙන් අසාර්ථකලූ, පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ අපිලූ. ආණ්ඩුවේ ඔක්කොම හොරුලූ. එදා කොමිසමක් දැම්මෙ නැත්නම් ඊට වඩා එදා හොරකම් කරනවා. එවකට හිටපු ඇමැතිවරිය රට යන අයගෙ රක්‍ෂණයෙන් ගැහුවා. වැවිලි ඇමැතිගෙ දුව තේ දලූවලින් ගසා කෑවා. සෞඛ්‍ය ඇමැති පිළිකා බෙහෙත්වලින් ගැහුවා. මේ ආණ්ඩුව හොඳ වැඩියි. උද්ඝෝෂණ කීයක් තිබ්බද කාටවත් කඳුළු ගෑස් බැටන් පොලූ පාවිච්චි කළේ නැහැ.

එදා නාලක සිල්වා සහරාන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුව ගත්දි ඊට අවසර දුන්නේ නැහැ. සහරාන්ට සල්ලි වියදම් කළේ කවුද. පාර්ලිමේන්තුවේ 225 ජීවත් වෙන්නේ ජනාධිපති හින්දා. විපක්‍ෂ නායකවරයා එන්නත් ගහන්නේ නෑ කියලා හොරෙන් ගහගත්තා.

ලබන වසරේ සිට අපි රට ඇරලා කවුරුත් නොසිතු ආකාරයට රට ගොඩනගනවා. රටම ඉන්නේ ආණ්ඩුව එක්ක.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමාන් (සජබ) – අද රටේ 12,000ක් කොරෝනා නිසා මැරිලා. මේකෙන් වැඩි ප‍්‍රමාණය 60ට වැඩි අය. ඔවුන්ට ප‍්‍රමුඛතාව දුන්නේ නැහැ. එන්නත දෙන්න ආණ්ඩුව බැහැම කිව්වා. ලොක් ඩවුන් බැහැ කිව්වා. ඇඳිරි නීතිය අද කිසිම වැඩක් නැති ගානට වැටිලා. ඒක තියෙන්නේ පේමන්ට් එකේ බඩු විකුණන අයට. පාසල් අරින්න වැඩපිළිවෙළක් නැහැ. ඒත් බාර් ඇරියා. අද තනතුරු ගන්න වියතුන් නැහැ. අද මන්තී‍්‍රවරුන්ට අස්වෙලා රජයේ තනතුරු ගන්නවෙලා.

අධිකරණ ඇමැති අලිසබි‍්‍ර – වී අලෙවියේදී භාණ්ඩ සැඟවීමක් වුණා. ඒ නිසා මිල පාලනයක් කරන්න සිදුවුණා. මේ වනවිට ලක්‍ෂ 3ක් විතර නඩු දාලා තියෙනවා. එහිදී පනවන දඩය ඉතා අඩුයි. පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට අපි නීති ගෙනාවා.

සමහර මන්තී‍්‍රවරු ජාතිවාදය ඇවිස්සෙන කතා කියනවා. ඒවා හෙළාදකිනවා. අද රටේ සියයට 50කට වඩා කොවිඞ් එන්නත් ලබාදී තියෙනවා. ලොව වේගයෙන් එන්නත් කළ රටවල් අටෙන් එකක් අපේ රට. ඒකෙ ගෞරවය ඇයි ආණ්ඩුවට දෙන්නෙ නැත්තේ. එන්නත් බලෙන් දෙන්න බැහැ. එන හැමෝටම එන්නත් දීලා තියෙනවා.

අනිත් රටවල් පොදුවේ සියලූදෙනා එක්ව රටවල් බේරා ගන්න පියවර ගත්තා. අපේ රටේ කවුරුත් සාධනීය අදහසක් දීලා නැහැ. විවේචනය පමණයි.

සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව අපි ඇතිකරනවා. හදිසි නීතිය ගෙනාවෙත් ඒකට. ඉදිරියේදී ජනතාව මුළා කරමින් භාණ්ඩ ලබාදීම බාධා කිරීමකින් තොරව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්‍ෂා කළ හැකියි.

පනත් කෙටුම්පත් සංශෝධන රහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් මස 04 වැනිදා පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතය.

දින 25 ක් මැතිසබය අහිමි වුණා බාර් ඇරලා, පාර්ලිමේන්තුව වහලා,මොකක්ද පදනම – කිරිඇල්ල අසයි

පාර්ලිමේන්තු රැුස්වීම් පසුගිය වසරේදී සහ මේ වසරේදී දින 25 ක් අහිමි වුණා. කොවිඞ් ව්‍යාප්තිය දැන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා පාර්ලිමේන්තු රැුස්වීම් අද සහ හෙට දිනයේදී පවත්වන්න යැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) විශේෂ ඉල්ලීමක් කළේය. එහිදී මතුවූ සංවාදය මෙසේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මේ වනවිට රටේ ප‍්‍රශ්න එන්න එන්නම ගොඩනැෙඟනවා. ඒත් අපිට ඒවා කතා කරන්න පාර්ලිමේන්තුව රැුස්වෙන්නේ නෑ. ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ පාර්ලිමේන්තු දින 25 ක් අපිට නැති වුණා. දැන් බාර් ඇරලා. පාර්ලිමේන්තුව වහලා. මේකෙ පදනමක් තියෙන්න ඕන. ආණ්ඩුවේ න්‍යායපත‍්‍රයටයි අපිට කතා කරන්න වෙලා තිබෙන්නේ. දැන් විදුලිබල මණ්ඩලය ගැන කතා කරන්න විදිහක් නෑ. පෙරේදා ? ඇමරිකාවෙන් ඇවිත් යුගදනවි බලාගාරයේ සියයට හතළිහක් ගත්තා.

දැන් කොවිඞ් අඩු වෙනවා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. මම සූම් තාක්ෂණය ගැනත් කතා කළා. පක්ෂ නායක රැුස්වීමේදී යුගදනවි බලාගාරය ගැන අපි දැන් කෙසේ ද කතා කරන්නේ. ඇයි අපට හෙට පාර්ලිමේන්තුව රැුස්වෙන්න බැරි. අපට ඒ විදුලිබලාගාරය ගැන කතා කරන්න හෙට දිනය දෙන්න.

කථානායක – මේ ගැන පක්ෂනායක රැුස්වීමේදී කතා කරලනේ දින තීන්දු කළේ. එදා ඔබතුමාලා සියලූ දෙනා එකඟ වුණානේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා – මේ ගැන කතා කළානේ, එකඟ වුණානේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment