ඩීසල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ – ගැමුණු – අංජන කියති

78

ඩීසල් මිල රුපියල් 27 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (01වැනිදා) පැවසීය.

අඩුම වශයෙන් රුපියල් 40 කින් හෝ 42 කින් ඩීසල් මිල අඩු කළහොත් බස් ගාස්තුව තවදුරටත් අඩු කළ හැකි බව ද හෙතෙම කීය.

සමස්ත ලංකා අන්තර් බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් අඩු වූව ද බස් ගාස්තු මිල අඩු කළ නොහැකි බවයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment