නව අධිආරක්ෂිත කලාප ගැසට්ටුවත් රිවස් කරයි

115

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව ඇතුළු ස්ථාන 10 ක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (02දා) සිට අහෝසි කර තිබේ.

ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 23 වැනිදා නිකුත් කර තිබිණි.

ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, උපමාධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදාව හා පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක ලේකම් හා ත්‍රවිධ හමුදාපතිවරයාගේ නිල නිවස ප්‍රදේශ, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශ අධිආරක්ෂිත කලාප ලෙස නම් කර තිබිණි.

මෙම ගැසට් නිවේදනයට එරෙහිව පාර්ශ්ව රැසක් විරෝධය පළ කළ අතර, ඇතැම් පාර්ශ්ව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමටද කටයුතු කර තිබුණි. එවැනි පසුබිමක් තිබියදී අදාළ ගැසට් නිවේදනය අහෝසි කර තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment