රෝහල් 73ක පැවැත්වූ විරෝධතාව සාර්ථකයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

70

රට තුළ පවතින ඖෂධ හිඟයට බලධාරීන් ස්ථිර විසඳුමක් ලබා නොදීම ඇතුළු ගැටලු කීපයක් මුල්කරගෙන ඊයේ (22 වැනිදා) දිවයිනේ රජයේ රෝහල් 73 ක කෑම පැයේදී පැවැත්වූ විරෝධතාවය අති සාර්ථක වූ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට පැවසීය.

වත්මන් ආණ්ඩුව මෙයට විසඳුම් ලබාදීමට මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී ජනතාව සමඟ අඛණ්ඩ අරගලයක නියැලෙන බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේද කීය.

“රෝහල් තුළ අද වෙනකොට ගැටලු ගොඩයි. අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, උපකරණ හිඟය දැඩිව බලපාලා තියෙනවා. රෝහල්වල වැඩ කරන්න සේවකයෝ හිඟයි. බාල ඖෂධ ගෙන්වීම මේකත් ලොකු ගැටලුවක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටපු වැඩිවීමක් වෙලා නැහැ. විශ්‍රාම ගිය, රට හැර ගිය සෞඛ්‍ය කාර්ය මන්ඩලවල හිඟය පියවන්න බලධාරීන් මේ වන තෙක් කටයුතු කරලා නැහැ. මේවා ගැන අපි බලධාරීන්ට කියලයි තියෙන්නේ. අද අපි අපේ විරෝධය දක්වලා ආණ්ඩුවට පණිවුඩයක් දුන්නා. මේ ගැටලුවලට වහාම මැදිහත් වෙන්න කියලා. එහෙම මැදිහත් වෙන්නේ නැත්නම් අපි ජනතාවත් එක්ක විසඳුම් දෙනකම් අරගල කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment