මහ බැංකුවේ පඩිවලට රජයේ චක්‍රලේඛ අදාළ නැතිලු

271

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ වී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සෑම වසර තුනකටම වරක් මහ බැංකුවේ වැටුප් සංශෝධනය කරනු ලබන්නේ වෘත්තීය සමිති සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් මත බවද මහ බැංකුව කියයි.

පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් හා දීමනා ඉහළ නංවාගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා මහ බැංකු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නව සාමූහික ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව මහ බැංකුවේ දැනට පවතින වැටුප් ව්‍යුහය සැලකිල්ලට ගනිමින් මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් සෑම විටම මහ බැංකු පාලක මණ්ඩලය විසින් තීරණය කරන බවද, මහ බැංකුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment