රාජකීයයන් හමුවේ තෝමසුවන් අසරණයි

503

රාජකීය පන්දු යවනන් හමුවේ අසරණ වූ තෝමස් පිතිකරුවෝ කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක 142 වැනි ‘නිල් මහ සටන’ කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිටදී කඩුලූ 9ක් දැවී ලකුණු 87ක් ලබා සිටියේය.

තරගයේ පළමු දිනය වූ පෙරේදා (28 වැනිදා) දිනය අයහපත් කාල ගුණය හේතුවෙන් තරයේ එකදු පන්දුවාරයක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය. එ් අනුව ඊයේ දිනයේදී ආරම්භ කෙරණු තරගයේ කාසියේ වාසිය දිනූ රාජකීය විද්‍යාල නායකයා පළමුවෙන් පන්දුවට සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළේය. එ් අනුව තෝමස් ඉනිමේ කඩුලූ 8ක් මුලූ ලකුණු 35ක් තුළදි දවා ගැනීමට රාජකීයන පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී තෝමසුවන්ගේ ඉනිම වනසා දැමූ ගිහාන් බාලසූරිය සහ සොනාල් අමරසේක කඩුලූ 3 බැගින් බිඳ දැමීය.

තෝමසුවන් වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ යසිරු  රොද්‍රිගෝ ඊයේ දිනයේදී තරගාය නතර කරන විටදී නොදැවී පන්දුවට පහර දෙමින් ලකුණු 30ක් ලබා සිටියේය.

අද (30 වැනිදා) තරගයේ තෙවැනි සහ අවසන් දිනය වේ.

රවීන් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment