ලෝකඩ පදක්කම් තුනක් සමග ජයරුක්ෂි දිවයිනට

379

සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත් ජයරුක්ෂි සමන්කුළ ඊයේ (21 දින) උදෑසන දිවයිනට පැමිණියාය.

සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පවත්වා තිබූ මෙම තරගාවලියේ ක්‍රීඩා ඉසව් දෙකක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 03 ඇය දිනා ගෙන තිබූණි.

ඇය පිළිගැනීම සඳහා ඇයගේ දෙමාපියන්, පුහුණුකරු සහ තවත් සහෝදර ක්‍රීඩකයන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment