ටමීම් ඉක්බාල් විස්සයි විස්සට සමුදෙයි

142

බංග්ලාදේශ සුපිරි පිතිකරු ටමීම් ඉක්බාල් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් ක්‍රියාත්මක එක්දින තරගාවලිය නිමාවට පත්වීමෙන් අනතරුව ටමීම් ඉක්බාල් මේ බව සඳහන් කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 78ක් ක්‍රීඩා කර ඇති ටමීම් ඉක්බාල් එහිදී මුළු ලකුණු 1758ක් රැස් කර තිබේ. ඊට එක් ශතකයක් ඇතුළත් වෙද්දී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අර්ධ ශතක 7ක් රැස් කිරීමට ද ටමීම් සමත් වී තිබේ.

කොදෙව්වන් සමගින් ක්‍රියාත්මක එක්දින තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ ටමීම් ඉක්බාල් මින් ඉදිරියට තමන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ විශ්‍රාම ගිය අයකු ලෙස සලකන ලෙස ඉල්ලමින් විස්සයි විස්ස පිටියෙන් ඉවත්වීම ගැන දන්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment