යුද සහ ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ශූරතා දිනයි

85

ජාතික බොක්සිං ශූරතා තරඟාවලිය

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලද 96 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේදී යුද හමුදාව සහ ගුවන් හමුදාව පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.

යුද සහ ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ශූරතා දිනයි

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 22කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160කට අධික පිරිසක් තරඟ කළ අතර තරඟ 135ක් ඊට ඇතුළත් විය.

ජාතික සංචිතය සඳහා ක්‍රීඩකයන් අත්හදා බැලීමක් සහ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ සහ අනෙකුත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමක් ලෙස ද මෙවර තරගාවලිය වැඩි අවධානයක් දිනා ගත්තේය. දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් විලියම් මැනිං අභියෝගතා කුසලානය ඇතුළු ප්‍රධාන සම්මාන දිනා ගනිමින් 96’ ජාතික බොක්සිං ශූරතාවලියේ ආධිපත්‍යය දැරූ යුද හමුදාව, පිරිමි අංශයේ බර පන්ති 13 කින් රන් පදක්කම් 9 ක් දිනා ගත්තේය. ලේටන් කුසලානයේ රන් පදක්කම් පහක් සහ ක්ලිෆර්ඩ් කුසලාන තරඟාවලියේ රන් පදක්කම් 9ක් දිනාගත් ඔවුන් 2023 වසරේ සාර්ථකම පිරිමි ක්‍රීඩා සමාජයට පිරිනැමුණු මුත්තයියා සේවියර් අනුස්මරණ අභියෝග කුසලානය රඳවා ගැනීමට ද සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment