ඉන්දියාවට නායකයන් තිදෙනෙක්

591

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි20 තරගාවලිය සඳහා නායකයන් තිදෙනකු නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස තරගයේ නායකත්වය සූර්ය කුමාර් යාදව්, එක් දින තරග නායකත්වය ලෝකේශ් රාහුල් සහ ටෙස්ට් නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇත.

එළඹෙන දෙසැම්බර් 10 වැනි දා සිට ජනවාරි මස 07 වැනි දා තෙක් පැවැත්වීමට නියමිත මෙම තරග සංචාරයේ දී සීමිත පන්දුවාර තරගවලින් යම් විවේකයක් ලබා ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියට පමණක් ක්‍රීඩා කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment